පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල- 2022 සඳහා නිර්මාණ භාර ගැනීම දීර්ඝ කරයි

    ජනවාරි 11, 2022

    ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල- 2022 සඳහා නිර්මාණ භාර ගැනීම දීර්ඝ කරයි

    ගුවන්විදුලිය වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක් කළ නිර්මාණකරුවන් ඇගැයීමේ අරමුණින් බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ ගුවන්විදුලි උපදේශක සභාව එක්ව සංවිධානය කරනු ලබන ගූවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල -2020 සඳහා අයදුම්පත් භාර ගැනීම 2022 ජනවාරි මස 20 වන දින දක්වා දීර්ඝ කර ඇත.

    උළෙල පිළිබද සියලුම විස්තර ඇතුළත් අයැදුම්පත්‍රය බත්තරමුල්ල, සෙත්සිරිපාය, 8 වන මහල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ප්‍රවර්ධන අංශයෙන් ලබා ගත හැකිය.

    තැපැල් මගින් ලබා ගැනීම සදහා ලිපිනය ලියු මුද්දර කවරයක් ඉහත ලිපිනයට යොමු කරන්න. ඹබ එවන කවරයේ වම්පස ඉහළ කෙළවරේ ,ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2022 යනුවෙන් සදහන් කරන්න.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින්ද උළෙල පිලිබද සියලුම විස්තර ඇතුලත් අයැදුම්පත් පත්‍රය ලබාගත හැකි අතර අපගේ වෙබ් අඩවියෙන් හා ෆේස්බුක් පිටුව මගින් ද දුරකථන මාර්ගයෙන්ද තොරතුරු ලබා ගත හැකිය.

    වෙබ් අඩවිය - www.culturaldept.gov.lk
    දුරකථන අංක - 0112872044 /011 – 2872031

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya