පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    චීනයත් සමඟ අත්සන් කරනු ලැබුවේ ද්වීපාර්ශවික ගිවිසුමක් - වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ

    ජනවාරි 11, 2022

    චීනයත් සමඟ අත්සන් කරනු ලැබුවේ නිදහස් වෙළඳ ගිවිසුමක් නොව ද්වී පාර්ශවික ගිවිසුමක් පමණක් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( ජනවාරි 11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ චීන විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණීමෙන් පසු ඔහු සමඟ අත්සන් කළ ගිවිසුම පසුගිය යහපාලන රජය අත්සන් කිරීමට කටයුතු කළ නිදහස් වෙළඳ ගිවිසුම් පන්නයේ එකක්දැයි මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ නිදහස් රටක් වශයෙන් ශ්‍රී ලංකාව කිසිඳු රාජ්‍යයක සතුරකු නොවන බවත්, ලොව ඕනෑම රටක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් අත්සන් කිරීමට හැකියාව ඇති බවත්ය.

    මීට පෙරද ඉන්දියාව, චීනය වැනි රාජ්‍ය සමඟ මේ ආකාරයේ ද්වී පාර්ශවික ගිවිසුම් අත්සන් කළ බවත්, මෙම ගිවිසුමේ සැඟවූ හෝ විශේෂ කිසිවක් නොමැති බවත්, ඉන්දියාවද මෙරටට ලබාදෙන සහාය තවදුරටත් දිගු කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya