රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( ජනවාරි 11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් රටවල් හා ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුව වැනි අයතන සමඟද සාකච්ඡා කරමින් සිටින බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන්ද විවෘත මනසකින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම දිගු කාලීන මිතුදමක් ඇති චීනය, ඉන්දියාව මෙන්ම ජපානය වැනි රටවල් සමඟ ද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කරමින් සිටින බවත්, මීට අමතරව ලෝක බැංකුව සමඟද සාකච්ඡා කරමිනි සිටින බවත්, අමාත්‍යවරයා මෙහිදී පැවසීය.