පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ලිබියාවේ රැකියා මෙරට පුහුණු ශ්‍රමිකයන්ට

    ජනවාරි 12, 2022

    ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානී එසාම් ඩ්‍රයාග් (Esam Dryag) මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ඇතුලු ජේෂ්ඨ කළමණාකාරීත්වය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දි ( 11) මුණ ගැසුනේය.

     

    ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානී එසාම් ඩ්‍රයාග් මහතා ප්‍රකාශ කර සිටියේ මේ වන විට ලිබියානු ආර්ථිකය ඉහළ ස්ථාවරතාවයකට පත්වී ඇති අතර රටතුළ දේශපාලන ස්ථාවරත්වයත් ඇතිවී තිබෙන බැවින් ලිබියානු රජය සමග ශ්‍රී ලංකාව ගිවිසුම අත්සන් කර ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් සදහා එරට රැකියා අවස්ථාවන් ලබාගත හැකි බවයි.

    මෙහිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති ප්‍රකාශකරන ලද්දේ ඉතා කඩිනමින් අවශ්‍ය සාකච්ඦා පවත්වා මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් ආකාරයට යොදාගැනීමට කටයුතු කරන බවයි. ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් ලිබියාවේ රැකියා සදහා යොමු කිරිමට අවස්ථාව ලබා දිම සම්බන්ධයෙන් එසාම් ඩ්‍රයාග් මහතාට මහින්ද හතුරුසිංහ මහතා සිය ස්තූතිය ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරි (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙනිය යන මහත්වරුන් ඇතුළු උසස් නිධාරීන් එක්වි සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya