පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    සත්ත්ව සුබසාධන පනත සංශෝධනයට කෘෂි ඇමතිගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

    ජනවාරි 12, 2022

     

    සත්ත්ව සුබසාධන පනත සංශෝධනයට කෘෂි ඇමතිගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

    මෙරටේ සත්ත්ව සුබසාධනය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට (10) රැස් වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ගොවිපලවල, නිවෙස්වල, කැලෑබද, අයාලේ යන කුමන සතෙකුට වුවද කෲර වධ හිංසා පැමිණවීම මෙම සත්ත්ව සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැළකෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙයි.

     

    “ මෙරටේ  සත්ත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ඇති සත්ව හිංසා ආඥා පනතට අනුවයි. එම පනත යටතේ  සත්ත්ව හිංසාවන් සඳහා පැනවිය හැකි දඩය රුපියල් 100ක් පමණයි. මේ නිසා මේ පනත සංශෝධනය කරන්න අපි පියවර ගත්තා.⁣ ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. මෙම යෝජිත පනත ගැසට් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, අනුමැතිය ලබා ගන්න අපේක්ෂා කරනවා. නව පනත අනුව   සත්ත්ව හිංසනයට රුපියල් 1,25000ක උපරිම දඬයක් හා වසර තුනකට නොඅඩු සිර දඬුවමක් ලබාදිය හැකි” යැයිද අමාත්‍යවරයා කීවේය. මෙම නව සත්ත්ව  සුබසාධන පනත අනුව කටයුතු කිරීමට වෙනම පශු වෛද්‍ය නිලධාරියෙකු යටතේ වෙනම අංශයක් ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා කීවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya