''2022 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන කෙටිකාලීන හා දිගුකාලීන අභියෝග සහ විසඳුම් කවරේදැයි'' පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් (ජනවාරි 12) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හා මහ බැංකුවේ අර්ධ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරබුදල වෙත යාම බරපතල තීරණයක් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු මෙරට තිබෙන තත්වය හමුවේ පවතින එක් විකල්පයක් පමණක් බවත්, මීට අමතරව තවත් විකල්ප තිබෙන බවත්ය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම වෙනුවට පවතින වෙනත් විකල්ප සළකා බැලීම වඩා හොඳ තීරණයක් බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය. විදේශ ප්‍රේෂණ යම් පුද්ගලයකු එවන්නේ නම් ස්වකීය කැමැත්ත මත රුපියල් හෝ වෙනත් මුදලකින් තබාගැනීමට හැකි බවත්, රුපියල් බවට පරිවර්ථනය කළහොත් අමතර රුපියල් 10ක් සෑම ඩොලරයකටම ලැබෙන බවත්, මහ බැංකු අධිපතිවරයා පැවසීය.
එහෙත් යම් පුද්ගලයකු මෙරට සම්පත් උපයෝගී කොටගෙන භාණ්ඩයක් හෝ සේවාවක් විදෙස් රටවලට අපනයනය කරන්නේ නම් ඒ සඳහා කළ යුතු ගෙවීම් සිදු කළ පසුව ඉතිරි මුදල පරිවර්ථනය කළ යුතු බවත්, අනෙකුත් බොහෝ රටවල පවතින්නේ මේ ආකාරයටම බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
පසුගිය කාලයේ මෙම නීති පිළිනොපැදි නිසා එයද ඩොලර් හිඟයට හේතුවක් වූ බවත්, මෙම නීති උපයෝගී කරගෙන විදේශ මුදල් සංචිත වැඩි කරමින් යන බවත්, එසේ කිරීමෙන් රුපියලට හා මෙරට ආර්ථිකයට ස්ථායීභාවයක් ලැබෙන බවත්, මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
නේවාසික විදෙස් මුදල් ගිණුම් ඇති පිරිසට ඔවුන්ගේ මුදල් රුපියල් බවට පත් කිරීමට අවශ්‍ය නොමැති බවත්, එම ගිණුම් පවතින ආකාරයටම පවත්වාගෙන යා හැකි නමුත් අලුතෙන් විදේශ අපනයන හා ලැබීම් ඇති පිරිස් නව නීතියට යටත් විය යුතු බවත්, මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පැවසීය.
කෙසේ වෙතත් ව්‍යාජ තොරතුරුවලට රැවටී විදේශ ප්‍රේෂණ මෙරටට එවන විට උන්ඩියල් ක්‍රමය යටතේ නොඑවන ලෙසද ඉල්ලා සිටින මහ බැංකු අධිපතිවරයා ''උන්ඩියල් ක්‍රමය'' කියන්නේ නීතිමය තත්වයක් නොවෙයි. එය විවිධ ජාවාරම්වලට සම්බන්ධ පිරිස් ගෙනයන ක්‍රමවේදයක්. එය කලු සල්ලි සුදු කරන්න යොදාගන්නා ක්‍රමයක්. මේ හා සම්බන්ධව සිදු කෙරෙන විවිධ ජාවාරම්වලින් රටට විශාල හානියක් සිදුවෙනවා. ඒ නිසා
මෙවැනි ක්‍රම භාවිතා නොකර රටට විදේශ මුදල් ගලා එන්න ඉඩ දෙන්න. එහෙම වුනොත් තමාට වගේම රටටත් ඉතා වටින දෙයක්. '' යනුවෙන් පැවසීය. මෙම නීති විරෝධී ක්‍රම භාවිතා කර අවධානම් තත්වයනට ලක් නොවන ලෙස ඉල්ලා සිටින මහ බැංකු අධිපතිවරයා පවසන්නේ ගැටලු මතුවිය හැක්කේ මුදල් ලබාගන්නා තැනැත්තන් බවයි.