ආසියානු සංවර්ධන බැංකුවේ ලේකම් මුහම්මද් එහ්සාන් ඛාන් මහතා ප්‍රමුඛ ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක්, කොළඹ පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික කාර්යාලයේ අනෙකුත් ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක්, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීමේ ලේකම් කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දොන් එස්. ජයවීර මහතා, මෙම වාර්ෂික සමුළුවේ වෘත්තීය සම්මේලන සංවිධායකයින්ගේ නියෝජිතයින් (PCO) සහ මුදල් අමාත්‍යංශයේ සහ විදේශ අමාත්‍යංශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම හමුවට සහභාගී වූහ.
ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව, ආසියානු සංවර්ධන බැංකුව පවත්වන මෙම සුවිශේෂී වාර්ෂික රැස්වීමට සත්කාරකත්වය දක්වන දකුණු ආසියානු කලාපයේ පිහිටි දෙවැනි රට යි. ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජිකයින් 68 නියෝජනය කරන මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් ඇතුළු 3000කට අධික පිරිසක් කොළඹ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන මෙම රැස්වීම සඳහා සහභාගී වීමට නියමිතය.
විදේශ අමාත්‍යංශය මෙම වාර්ෂික රැස්වීමේ සමස්ත සන්ධානකටයුතුවලට නායකත්වය දෙන අතර ඊට සහභාගී වන ප්‍රභූවරුන්ගේ ද්විපාර්ශ්වික කටයුතු ද සම්බන්ධීකරණය කරයි. මෙම රැස්වීම සාර්ථකව පැවැත්වීම සඳහා විදේශ අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට විදේශ ලේකම්වරයා සහතික විය.
විදේශ අමාත්‍යාංශය