අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “දැයක් තනන - සියක් නගර” නම් වැඩ සටහන යටතේ, විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද මැතිතුමාගේ උපදෙසින්, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම් සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණයෙන් නව සංවර්ධනයට ලක්කෙරෙන ගිරාදුරුකෝට්ටේ නව නගරය ළඟදීම ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.
ගිරාදුරුකෝට්ටේ නගරය ගොඩනැගීමෙන් පසු ප්‍රථම වතාවට ක්‍රියාත්මක වන මෙම සංවර්ධන ව්‍යාපෘතිය අංශ රැසකින් සමන්විත වෙයි. තවමත් අබලන්ව පවතින නගරය නව නගරයක් ලෙස සංවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ ලෙස දක්වා තිබේ.
ඒ යටතේ භූමි අලංකරණය සහ සැකසීම, වට රවුම් ඉදිකිරීම, පදික මංතීරු ඉදිකිරීම, ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කෙරේ.
නගරයේ ප්‍රධාන මංසන්දිය සහ උප හංදි 02 ක් අතර අබලන්ව පවතින මාර්ගය පිළිසකර කෙරේ. නගරය තුළ ගොඩනැගූ පැරණි කැඩී ගිය පැති බැමි සියල්ල ඉවත් කර අලුත් බැමි ඉදිකිරීම සිදුකෙරේ. කැඩී බිදී ගිය පදික මංතීරු නැවත අලුතින් සකස් කිරීම ද මෙම සංවර්ධන වැඩසටහන යටතේ සිදුකෙරේ.
මීටර් 1.5 ත් මීටර් 02 ත් අතර පළලින් යුත් අබලන්ව පවතින ප්‍රධාන අතුරු මාර්ග මීටර් 400 ක් දුරටත්, මීටර් 03 ත් මීටර් 05 ත් අතර පළලින් යුත් අතුරු මාර්ග 02 ක් මීටර් 200 ක් දුරටත් සම්පූර්ණවම බිම් ගල් අතුරා අලුතින් ගොඩනැගේ. කුඩාදුරකින් යුත් අතුරු මාර්ග සියල්ල ඉන්ටර්ලොක් ගල් අල්ලා යළි සකස් කෙරේ.
නගරයේ පෙර පැවති වාහන නැවතුම්පොළ පුළුල් කර නව වාහන රථ ගාලක් ඉදිකිරීම ද සිදුකෙරේ. එමඟින් වාහන 25 ක් පමණ නැවැත්වීමට ඉඩකඩ හිමිවෙයි. වාහන නැවතුම් සීමාව වටා අලංකාර ආරක්ෂිත බැම්මක් ඉදිකිරීම මේ යටතේම සිදුකිරීමට නියමිතයි.
නගර භූමිය ආවරණය වන පරිදි ප්‍රදේශයේ ශුෂ්ක හා කඨෝර තත්වයන්ට ගැලපෙන තෘණ වර්ග සිටුවීම සහ ප්‍රදේශයට ගැලපෙන බෝගන්විලා වැනි මල් ගස් සිටුවීම මඟින් නගරය තවදුරටත් අලංකාර කිරීමට කටයුතු කෙරේ.
පවතින සංවර්ධන ව්‍යාපෘති අදියර කිහිපයකින් සමන්විත වෙයි. මෙම පළමුවැනි අදියරින් පසු එළැඹෙන ඉදිරි අදියරයන් තුළ වඩා වේගවත් දියුණුවක් ගිරාදුරුකෝට්ටේ නගරයට ලැබෙනු ඇතැයි ව්‍යාපෘති සහ දත්ත තොරතුරු විශ්ලේෂක, සම්පාදක, නගර සැලසුම් ශිල්පී චමින්ද කුමාර මහතා පවසයි. ජනතාව අපේක්ෂා කරනුයේ නගරය සහ ගම් ප්‍රදේශයන් තුළට කෘෂිකාර්මික දැක්මත් සමඟ නව දැක්මක අවශ්‍යතාවයක් පවතින බවයි. ඒ යටතේ නව දැනුම මුසුවූ ක්‍රීඩාවට ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ. වඩාත් ප්‍රතිඵලදායි පුස්තකාල සේවාවක්, සමාජ සංවර්ධන වැඩ සටහන්, සුභසාධන ක්‍රියාකාරකම් මෙන් ම ආගමික වැඩ සටහන් පැවැත්වීම සහ සහභාගී වීම අපේක්ෂා කරන බව ප්‍රදේශයේ තරුණ පරපුරේ මතය වී තිබේ.
දුෂ්කර දුර බැහැර ප්‍රදේශයක් වන ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයට පාසැල් බාහිර ක්‍රියාකාරකම් සහ ඉගෙනුම් ක්‍රමයන්හි පවතින අඩුපාඩු කඩිනමින් සපුරාලීමේ අවශ්‍යතාවය එම ප්‍රදේශයේ තරුණ පරපුර පෙන්වා දෙති.
කෘෂිකර්මාන්තය තමන්ගේ ජීවිතය වුවත්, තම දරුවන් එම ලෝකයෙන් පිටතට යා යුතුව තිබෙන හෙයින්, ඒ සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශ අවධානය දැඩිව යොමුකළ යුතු බව දෙමාව්පියන්ගේ මතය වී තිබේ.
රටේ අනෙක් ප්‍රදේශ සහ එහි දියුණුව, තම ප්‍රදේශය සමඟ සැසඳීමට අකමැති වුවත් එම ප්‍රදේශයන්හි පවතින පහසුකම්වලින් කිහිපයක් හෝ තම ප්‍රදේශවලට ලැබිය යුතු බව පවසන ප්‍රදේශවාසීහු, සියක් නගර සංවර්ධනය තුළින් එය ඉටුකරන බවට විස්වාසය පළකර සිටිති. විශේෂයෙන් ම වසර 60 කට පසුව ගිරාදුරුකෝට්ටේ නගරය සංවර්ධනය කිරීමට පියවර ගැනීම සම්බන්ධව එම ප්‍රදේශයේ ජනතාව ගරු අග්‍රාමාත්‍යතුමා වෙත සිය ප්‍රසාදය පළකර සිටිති.
තවද ගිරාදුරුකෝට්ටේ නගරය ප්‍රධාන කරගත් එළවලු තොග වෙළදාම් මධ්‍යස්ථානයක් ඇති කිරීම, එළවලු තොග බෙදාහැරීම වැනි කටයුතු ඇරඹීමට හැකි නම්, ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශය රටට විවෘත වී ඍජු සහ වක්‍ර නව රැකියා අවස්ථා බිහිවී නව ආදායම් මාර්ග උපදින බවත් නගරයේ සහ නගරය හා සම්බන්ධ වෙළඳ සහ ව්‍යාපාරික ප්‍රජාව පෙන්වා දෙති.
ඒ අනුව, යහපත් ප්‍රවාහන සේවාවක් පවත්නා ගිරාදුරුකෝට්ටේ නගරයට මෙම සංවර්ධනයේ අරුණලු උදාවීමෙන් පසු වඩාත් දියුණු නගරයක ලක්ෂණ පෙන්වනු ඇතැයි ද තවමත් ළඟාකරනොගත් සංවර්ධනය කඩිනමින් ළඟාකරගනු ඇතැයි ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය තවදුරටත් ප්‍රකාශකර සිටියි.
ඓතිහාසික මෙන් ම පුරාවිද්‍යාත්මක සහ ආදිවාසින්ගේ භූමියක් වන මහියංගණය නගරය ප්‍රධාන කරගත් ගිරාදුරුකෝට්ටේ නගරය කෘෂිකර්මාන්තය මත පදනම් වූ ක්‍රියාකාරී නගරයකි.
සාමාන්‍ය වෙළඳ රටාවක් හිමි ගිරාදුරුකෝට්ටේ නගරයට එදිනෙදා අවශ්‍යතා සඳහා 25,000 කට ආසන්න ජනකායක් දිනපතා පැමිණෙති. නගරයේ වෙළඳ කටයුතු උදේ 7.00 ට ඇරඹී සවස 7.00 වන විට අවසන්වෙයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.