කොහුවල මංසන්දියේ සිට කොළඹ - හොරණ 120 බස් මාර්ගයේ මෙම ගුවන් පාලම ඉදිකරනු ලැබේ .
ගුවන් පාලම ඉදිකිරීමෙන් පසු ගුවන් පාලම පහළින් නුගේගොඩ - කළුබෝවිල මාර්ගය වෙත ගමන් කළ හැකිය .
හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකරන කොහුවල ගුවන් පාලම දිගින් මීටර 297ක් වන අතර පළල මීටර 9.4 ක් වේ. මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 2648වේ.මෙම ව්‍යාපෘතිය මාස 22 කින් නිම කිරීමට අපේක්ෂිතය.
මීට අමතරව ගුවන් පාලමේ පාලමේ පහළ කොටසේ වාහන ගමනාගමනය සඳහා මංතීරු 4ක මාර්ගයක් ඉදිකරන අතර නුගේගොඩ කලුබෝවිල මාර්ගයේ වාහන හැසිරවීම ආලෝක සංඥා (traffic signals )මගින් පාලනය කිරීමට කටයුතු යොදා ඇත.