“එක් ගමකට එක් ව්‍යවසායකයෙක්” තේමාව යටතේ ප්‍රතිලාභීන් 32 කු සඳහා රුපියල් 3267813.00 ක් වටිනා උපකරණ සහ ප්‍රදේශයේ කිතුල් කර්මාන්තය නගා සිටුවීම සඳහා ප්‍රතිලාභීන් 16 දෙනකු වෙත රුපියල් ලක්ෂ හතර බැගින් වටිනා උපකරණ ප්‍රදානය කරනු ලැබීය. තවත් සමෘද්ධිලාභී පවුල් 43 ක් සඳහා රුපියල් ලක්ෂ 03 බැගින් වටිනා මුදල් සහ උපකරණ ද බෙදා දෙන ලදී.
වෙළෙඳ පොල ජය ගැනීමේ ඉලක්කය කරා ගමන් කිරීමේ අරමුණින් සමෘද්ධීලාභී පවුල් බල ගැන්වීම සැලසුම් කළ බව පැමිණි සිටි පිරිස අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
“සමෘද්ධි ව්‍යාපාරය හා සම්බන්ධ පවුල් ලක්ෂ 16 කට ආසන්න පිරිසක් බරපතලම ආර්ථික අර්බුදවලට ලක්වී ඇති කණ්ඩායම ලෙස හඳුනා ගන්න පුලුවන්. යම් යම් කාලවලදී දරිද්‍රතාව පිටුදැකීම යන මූලික කාරණය යටපත් වී විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම කණ්ඩායම යොදා ගත් අවස්ථා අතීතයේදී අපිට දක්නට ලැබුණා. කෙසේ වුවත් මේවන විට සමෘද්ධිලාභී පිරිස ඉලක්ක කරමින් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සදහා වඩාත් ඵලදායී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යංශයට මෙන්ම ඒ සඳහා කැපවී වැඩ කරන සියලුම රාජ්‍ය නිලධාරීන්ට, මා ප්‍රණාමය පුද කිරීමට කැමතියි. වඩාත් විධිමත්ව සහ සංවිධානාත්මකව සමෘද්ධීලාභී පවුල් බලගැන්වීම තුලින් වෙළෙඳ පොල ජයගැනීමේ ඉලක්ක කරා ගමන් කිරීම අවසාන අරමුණයි.” අමාත්‍යවරයා පැවසුවේය.
රාජ්‍ය සේවකයන්, විශ්‍රාමිකයින් සහ සමෘද්ධිලාභී පවුල් ඉලක්ක කොට මීට සති දෙකකට පෙර සහන පැකේජයක් හඳුන්වා දුන්නා. එය විශාල කර්තව්‍යක් නමුත් සමස්තයක් ලෙස ඉන් ආවරණය වන පිරිස සමස්ත ජනගහනයෙන් 25% ක් පමණ. රටේ විශාල පිරිසක් පෞද්ගලික අංශයේ රැකියා වල නියුතු වන්නන්. ඒ නිසා ඔවුන් සඳහාද සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි. ඒ වෙනුවෙන්ද රජය කටයුතු කරගෙන යනවා. සමෘද්ධි ලාභී ඔබ වෙනුවෙන් ලබා දෙන මේ ප්‍රතිලාභය ඔබේ ජීවිතය පමණක් නොව ගමේ තවත් ජීවිත කිහිපයක් එගොඩ කරගත හැකි පරිදි පරිහරණය කරන්න. අලහප්පෙරුම මහතා ඉල්ලා සිටියේය. මෑතකදී රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට පත්වීම් ප්‍රදානය සහ සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරන NVQ පාඨමාලාව හැදෑරූ සිසුන්ට සහතිකපත් ප්‍රදානයක් ද සිදු කෙරිණ.
කඹුරුපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නියෝජිත, හිටපු පළාත් සභා මන්ත්‍රී චන්දන සිරිබද්දන, හිටපු පළාත්සභා මන්ත්‍රී හඳුන්නේ, හිටපු පළාත්සභා මන්ත්‍රී බිංදු වීරසිංහ යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.