5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 340,508 ක් අ.පො.ස. උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 345,242 ක්
2021 පවන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 22 දින දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,943 කදී පැවැත්වේ. සිංහල මාධ්‍ය අයදුම්කරුවන් සංඛ්‍යාව 255,062 ක් වන අතර දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් සංඛ්‍යාව 85,446 ක් වේ. මේ සඳහා ඉදිරිපත් වන සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 340,508 කි.
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2022 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු මස 05 දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,438 කදී පැවැත්වේ. පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 279,141 ක් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 66,101 ක් වේ. මේ සඳහා ඉදිරිපත් වන සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 345,242 කි.