පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය අද ඇරඹේ

    ජනවාරි 18, 2022

    නව පාර්ලිමේන්තු සැසිය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

    9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ආරම්භ වන 2022.01.18 අඟහරුවාදා ඉදිරිපත් කෙරෙන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ, සභාව කල් තැබීමේ විවාදයක් 2022.01.19 බදාදා සහ 20 බ්‍රහස්පතින්දා යන දින දෙකේ දී පැවැත්වීමට නියමිත බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. එම සභාව කල් තැබීමේ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ඇත.

    එමෙන්ම 2022.01.20 දින පනත් කෙටුම්පත් 4ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සභානායකවරයා පැවසීය. එනම්, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සිදු කරන සංශෝධනය, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන සහ සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන, ඒ අතර වන බවද ඔහු සඳහන් කළේය.

    අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය සමරවීර මහතා පිළිබඳ ශෝක යෝජනාව, 2022.01.21 වන සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිතය

    pp3

     

    පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීම

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. පාර්ලිමේන්තුවේ සෑම සැසිවාරයක් ආරම්භයේම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා සතු කාර්යයකි. ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(අ) මගින් විධිවිධාන සළසනු ලැබ ඇත. 33(ආ) අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමට බලය ඇත.

    පළමුවන පාර්ලිමේන්තුවේ පළමුවන සැසිවාරය 1947 ඔක්තෝබර් 14 වන දින පවත්වන ලදි. එය උත්සවශ්‍රීයෙන් විවෘත කොට මුලසුන දරන ලද්දේ ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් මහතා විසිනි. එතුමා විසින් රාජාසන කථාව පවත්වන ලද අතර පාර්ලිමේන්තුව විසින් එය විවාද කොට ස්තුති යෝජනාව සම්මත කරන ලදී.

    දෙවන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය විවෘත කරන ලද්දේ දෙවන එලිසබත් රැජිණ විසිනි. 1954 අප්‍රේල් 12 දින එතුමිය විසින් උත්සවාකාරයෙන් සැසිවාරය අරඹන ලදි. රාජාසන කථාව රැජිණ විසින් කියවන ලද අතර එය පිළිබඳ විවාදයක් නොපවත්වන ලදී.

    පසු කාලීනව පාර්ලිමේන්තුවේ නව සැසිවාර උත්සවශ්‍රීයෙන් හෝ කිසිදු උත්සවයකින් තොරව ආරම්භ කරන ලදී.

    1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග නව සැසිවාර ආරම්භයේදී රාජාසන කථාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීම ඇරඹුණි. වත්මන් ක්‍රියාදාමය අනුව එය විවාදයට බඳුන් කිරීමක් හෝ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදු නොවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya