පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය අද

    ජනවාරි 19, 2022

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය අද (19) සහ හෙට ( 20) පැවැත්වෙයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (ජනවාරි 18 ) ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය 9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ආරම්භ කරමින් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේ ය.

    මේ අනුව, අද (19) ප.ව 1.00 සිට ප.ව 6.00 දක්වා ද ජනවාරි 20 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා   රජය ගෙන එන යෝජනාවකට අනුව මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබේ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන් සමඟ පසුගිය (13) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගත්බව ද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පැවසීය.

    ජනවාරි 21 වැනිදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ප.ව 4.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) යන පනත් කෙටුම්පත් (දෙවැනිවර කියවීම්) විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.

    එදින ආණ්ඩුවේ කටයුතුවලින් අනතුරුව ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් පසු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.

    ඉන් අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya