පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    බංගලාදේශය, කාම්බෝජය හා දකුණු අප්‍රිකාව සමඟ සංචාරක සහයෝගිතා ගිවිසුම්වලට එළඹීමේ සුදානමක්

    ජනවාරි 19, 2022

    රටවල් 03 ක් සමග කඩිනමින් සංචාරක සහයෝගිතා ඒකාබද්ධ ගිවිසුම්වලට එළඹීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි

    බංගලාදේශය, කාම්බෝජය හා දකුණු අප්‍රිකාව එම රටවල් තුනයි. බංගලාදේශය සමග මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම සදහ යෝජනාව ඉදිරිපත් කෙරුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා බංගලාදේශයේ නිළ රාජ්‍ය සංචාරයක යෙදුණු වකවානුවේයි. ඒ අනුව සංචාරක ක්ෂේත්‍ර යේ සහයෝගිතාව පිළිබද ව ඒකාබද්ධ ආයෝජන සහ අලෙවිකරණ ක්‍රිියාකාරකම් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අදාළ ගිවිසුම කෙටුම්පත් කර තිබේ.

    කාම්බෝජය රජය විසින් කරන ලද යෝජනාවකට අනුව දෙරට අතර සංචාරක ක්ෂේත්‍රය සහයෝගතා පිළිබද අවබෝධතා ගිවිසුම අත්සන් කරන අතර ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ. දකුණු අප්‍රිකානු රජය විසින් ඉදිරිපත් කරනු ලැබු යෝජනාවකට අනුව දෙරට අතර සංචාරක අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට ද සැලසුම් කර ඇතැයි ඇමතිවරයා  සඳහන්  කරයි.

    ඊට අමතරව මෙරට සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සදහා හඳුනාගත් රටවල් ගණනාවක් සමග ඉදිරියයේ දි අවබෝධතා ගිවිසුම්වලට එළඹීම සදහා රජය කටයුතු කරමින් සිටින බව පෙන්වාදෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා, වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන රටවල් සමඟ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව ඇති බව ද කියා සිටි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya