අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ඒ අනුව, මෙම වසරේ අලුත් අවුරුදු සමය වන විට පාරිභෝගිකයාට සහල් කිලෝවක් රු.300.00 ඉක්මවා අළෙවි කිරීම සඳහා පොළොන්නරුව මෝල් හිමියන් විසින් සැළසුම් සකස් කරමින් සිටින අතරතුරදී පාරිභෝගිකයා සුරක්ෂිත කිරීමේ පියවරක් වශයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත වෙළෙඳ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහල් ආනයනය කරන ලද බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙරට ගොවීන් වෙනුවෙන් නිසි මිළක් ලබා දෙමින් රජය විසින් වගකීම් සහගතව කටයුතු කරමින් පාරිභෝගිකයාට සාධාරණ මිළකට සහල් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ ද, විවිධ බාහිර බලවේග හා සහල් මාෆියාව විසින් එම වැඩපිළිවෙල අතකොළුවක් කරගත් නමුත්, තවදුරටත් එය එසේ වීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව සඳහන් කළ අමාත්‍යවරයා රජයෙන් රජයට වශයෙන් ආනයනය කරනු ලබන මෙම සහල්, ලංකා සතොස අළෙවිසැල් ජාලය මඟින් සහතික මිළකට පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු සළසා ඇති බව ද සඳහන් කරන ලදී.
ලංකා සතොස අළෙවි ශාඛා නොමැති ප්‍රදේශවල ජනතාවටද රජය විසින් ලබා දෙන මෙම සහන ලබා දීමේ අරමුණින් ක්ෂණික ඇමතුම් අංක 1998 ස්ථාපිත කරනු ලැබූ බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව විද්‍යුත් වාණිජ්‍ය (E-commerce) මගින් ලංකා සතොසෙන් භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් ද සකසා ඇති බව ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව, පසුගියදා ආරම්භ කරන ලද, අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් භාණ්ඩ මල්ල රු.3998/=ක සහන මිළකට ලබා ගැනීම මෙන්ම තමාට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ ද මෙම ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම ක්ෂණික ඇමතුම් අංක 1998 ස්ථාපිත කිරීම සඳහා ලංකා සතොස ආයතනය සමඟ එක්ව කටයුතු කරනු ලබන්නේ Bell Solutions ආයතනයයි.
යහපාලන රජයේ හිටපු අමාත්‍යවරයෙකු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා, ගෝලීය අර්බුද කිසිවක් නොමැතිව යහපාලන රජය විසින් 2014 සහල් මෙට්‍රික් ටොන් 600,000ක්, 2015 දී මෙට්‍රික් ටොන් 286,000ක්, 2016 දී මෙට්‍රික් ටොන් 29,000ක්, 2017දී මෙට්‍රික් ටොන් 745,000ක්, 2018 දී මෙට්‍රික් ටොන් 249,000ක් වශයෙන් සහල් ආනයනය කරනු ලැබ ඇති බවත්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය බලයට පත් වීමෙන් පසුව 2020 වර්ෂයේ දී සහල් මෙට්‍රික් ටොන් 16,000ක් පමණක් ආනයනය කරනු ලැබූ බවත් එම ආනයනය කිරීම හුදෙක්ම සහල් මාෆියාව විසින් පාරිභෝගිකයා සූරා කෑම වළක්වා ලීමේ පියවරක් පමණක් වූ බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.