පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    “පිරිසිදු පරිසරයක්-නිරෝගීමත් හෙටක්” මැයෙන් දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක්

    ජනවාරි 19, 2022

    “පිරිසිදු පරිසරයක්-නිරෝගීමත් හෙටක්” මැයෙන් දීප ව්‍යාප්තව ඩෙංගු මර්දන වැඩසටහනක් 2022 ජනවාරි මස 20 සහ 21 දෙදින  ක්‍රියාත්මක කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    ඩෙංගු රෝගය මේ වන විට යලි හිස ඔසවමින් තිබේ.පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 25,900 කට වඩා වාර්තා වූ අතර එයින් සිදු වූ මරණ සංඛ්‍යාව 19ක් පමණ වේ.

    ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා ඇතිවීම වැලැක්වීම සඳහා රජයේ සියළුම අමාත්‍යාංශ, සියළුම පළාත් සභා, පළාත් පාලන ආයතන හා සියළුම රාජ්‍ය ආයතනයන්, සියළුම පුද්ගලික ආයතනයන්, රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    එහි සමාරම්භක අවස්ථාව 2022 ජනවාරි මස 20 වන දින පෙ.ව 10.00 ට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්, කොට්ටේ මහනගර සභා පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya