පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    රටට ජනතාවට සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සෙත් පතා පැවැත්වෙන ජය පිරිත් සජ්ජායනය ජනවාරි 26

    ජනවාරි 19, 2022

    රටට සහ සමස්ත ජනතාවට සෙත් පතා ත්‍රිවිධ හමුදාවේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ජය පිරිත් සජ්ජායනය ජනවාරි 26 දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ, පිරිත් පිංකම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ(18) ආරක්ෂක අමාත්‍රංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    රටට, ජනතාවට සහ ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට සෙත් පතා මීට පෙරද වසරක් පාසා මෙම පිරිත් පිංකම පවත්වා ඇත.මෙම සර්ව රාත්‍රික පිරිත් පිංකම සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වන බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

    පිරිත් පිංකම් මාලාව සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින් 1000ක මහා සංඝරත්නය වැඩම කරවීමට නියමිත බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

    මෙම මාධ්‍ය හමුවට ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක යන මහත්වරු එක්ව සිටියහ‍.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya