සිව් දින (04) නිළ සංචාරයක් සඳහා බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් මහතා (Admiral, M Shaheen Iqbal) 2022 ජනවාරි මස 18 වන දින රාත්‍රියේ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියේ ය
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න මහතා විසින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් මහතා , ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වෙනුවෙන් පිළිගැනීමට කටයුතු කළ අතර, මෙම සංචාරය සඳහා බංගලාදේශ නාවික හමුදා පවුල් සුභසාධක සංගමයේ සභාපතිනී, බෙගම් මොනිරා රෞව්ශාන් ඉක්බාල් (Mrs. Begum Monira Rowshan Iqbal) මහත්මිය ද එක්ව සිටියි.