පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ආදරණීය නීලා අක්කා.. ඔබට සුව නින්දක්... ! - ජනමාධ්‍ය අමාත්‍ය

    ජනවාරි 19, 2022

    රසික හදවත් දිනාගත් ජනප්‍රිය ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය මවුබිමෙන් බැහැරව තානාපති සේවයේ යෙදී සිටියදී අවසන් ගමන් යෑම සමාජයම සසල කළ පුවතක් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා, ඇයට සුව නින්දක් ප්‍රාර්ථනා කරන බව ද ප්‍රකාශ කළේ, අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව ආරම්භයේ දී අඳහස් දක්වමිනි.

     

    ''අපේ වෙහෙස කැපවෙන්නේ නුඹ වෙනුවෙනි පුංචි පුතේ' යන ගීත ඛණ්ඩය සිය ජංගම දුරකතනයෙන් ප්‍රචාරය කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා, නීලා වික්‍රමසිංහ සොයුරියට අපට කළ හැකි ඉහළම ගෞරවය වනුයේ මෙම ගීතයේ අවසන් පදවැල් කිහිපයට වටිනාකමක් දීමට පුරවැසියන් වශයෙන් සිය භූමිකාව ඉටුකිරීම බවද කියා සිටියේය.

    අප කවුරුත් නොසිතූ අවස්ථාවක නීලා වික්‍රමසිංහ ආදරණීය ගායන ශිල්පිනිය මවුබිමෙන් බැහැරව තානාපති සේවයේ යෙදී සිටියදී අවසන් ගමන් යෑම සමාජයම සසල කළ පුවතක් බවට පත්වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා, ඇය ඉතාම විශිෂ්ඨ ලෙස ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රය පෝෂණය කළ බවද, ඉතාම කාරුණික ඇය රට නියෝජනය කිරීමට හැම සුදුසුකමක්ම සහිතව ඉදිරියෙන්ම සිටි ගායන ශිල්පිනියක් බවද අවධාරණය කළේය.

    එම හැගීම්බර අවස්ථාව ඇයගේ රසික රසිකාවියන් මෙන්ම ඇයට ආදරය කළ සියලු දෙනා වෙනුවෙන් බෙදාහදා ගැනීමට ආණ්ඩුව වෙනුවෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් අද දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ ආරම්භක විනාඩිය කැප කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya