ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
තෙවන අධිමාත්‍රාව ලබාදීමට ජනාධිපතිතුමා විහේෂ වෙහෙසක් ගෙන කටයුතු කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා, එම තෙවන මාත්‍රා සියල්ලම රටට ලැබී ඇති බවද, අවාසනාවකට මෙන් දැනට තෙවන අධි මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 05ක පමණ ජනතාවක් පමණක් බවද පැවසුවේය.
මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ලෝකය පුරා පැතිරී යන වකවානුවක සාපේක්ෂ වශයෙන් මෙරට ඉතාම හොදින් එන්නත්කරණ වැඩසටහන හරහා රටේ ජනතාවගේ ජීවිතාරක්ෂාව සැලසීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා ගෞරවපූර්වකව සිහිපත් කළේය.