නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ වූ අතර අද (19 ) පාර්ලිමේන්තුව ආරම්භකරමින් කථානායකවරයා මේ බව පැවසීය.
පාර්ලිමේන්තුවේ ප්‍රමිතිය වැඩි කළ යුතු බවත් ජනතාවගේ ගෞරවය රැක ගැනීමට නම් මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහද මහතාද පැවසීය.
පාර්ලිමේන්තුවේ ගෞරවය සහ සම්ප්‍රදය පිළිබඳ දක්වන උනන්දුව ක්‍රමානුකූලව සෝදාපාලුවට ලක් ව ඇති බව පෙන්වා දුන් සභානාක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, ලෝකය ඉදිරියට ගමන් කරන බවත් වසර 75ක් පමණ පැරණි මෙම සම්ප්‍රදාය යම් යම් වෙනස් කම් වලට ලක් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි. අවශ්‍ය නම් එම වෙනස්කම් සිදු කිරීම පිළිබඳ සාකච්ඡාවට ලක් කළ යුතු බවද කීය. ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බවද සභානායකවරයා මෙහිදී සඳහන් කළේය.