අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
1982දී ආරම්භ කළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටි ඉඩම කොළඹ 07 හෙක්ටයාර 3.37ක භූමි ප්‍රමාණයක් වසා පැතිරී ඇති විශාල වටිනාකමක් සහිත භූමියක් බවද, රූපවාහිනී සංස්ථාව මෙතෙක් ජාතික නාලිකාව ලෙස හැදින්වූවද, කණගාටුව කරුණ නම් ජාතික නාලිකාවට එම ජාතික භූමියෙහි අයිතියක් නොමැති වීම බව කියා සිටි අමාත්‍යවරයා, එම අයිතිය නිරවුල්ව ලබාදීමට ආණ්ඩුවක් ලෙස ගනු ලැබූ තීරණය ඉතාම සාඩම්බර හැගීමකින් දැනුම්දීමට කැමති බවද අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් භුක්ති විදින ත්‍රිකුණාමලයේ කුච්චවේලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පිහිටි ඉඩම ජර්මන් ජනරජයේ ගුවන්විදුලි සේවා වන ඩොයිෂ් වෙල් ආයතනයත් සමග 1980 වසරේ අත්සන් කළ ගිවිසුමක් අනූව අරඹා මෙම භූමියේ ජර්මානුහඩ පවත්වාගෙන ගිය බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
ඉන් අනතුරුව 2012 වසරේදී අදාල සම්ප්‍රේෂණ උපකරණ සහිත භූමිය ගුවන් විදුලි සංස්ථාව වෙත පවරන ලද බවද, එම භූමියේ 90%ක්ම නිදහස් භූමියක් ලෙස පැවති මෙය සශ්‍රීක භූමියක් නොවන බවද ඔහු කියා සිටියේය.
ගුවන්විදුලි සංස්ථාව තෝරාගනු ලබන පුද්ගලික ආයෝජකයන් සමග එකතුවී ජනාධිපතිතුමන්ගේ ප්‍රධාන වැඩපිළිවෙලක් වන පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙලට ශක්තියක් දීමට මාධ්‍ය ආයතනයක් ලෙස මෙන්ම මෙරට ගුවන්විදුලියේ මහගෙදර වශයෙන් තීරණය කර ඇති බවද ඒ අනූව කරන ලද ඉල්ලීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා සදහන් කළේය.
හෙක්ටයාර දෙසීය අසූ ගණනක විශාල බිම්කඩ මෙගාවොට් 100ත් 80ත් අතර ප්‍රමාණයක ධාරිතාවයක් සහිත සූර්යය බලයෙන් විදුලිය ජනනය කළ හැකි භූමියක් වශයෙන් මෙය හදුනාගෙන ඇති බවද, එමෙන්ම මෙය රාජ්‍ය මාධ්‍ය ඉතිහාසයේ මෙන්ම ව්‍යවසායකත්ව ඉතිහාසයේ නව යෝජනාවක් ලෙස හදුනාගෙන එකගත්වය ලබාදීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත බව පැවසූ අමාත්‍යවරයා මේ සදහා දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට මෙන්ම ඉඩම් අමාත්‍යවරයාටද විශේෂ ස්තුතියක් පිරිනැමීමට ද අමතක නොකළේය.