ඔහු මේ බව කියා සිටියේ අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
වසංගත තත්ත්වය තුළ විභාගයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට ආණ්ඩුවක් ලෙස ඉහළ කැපවීමක් සිදුකළ බව සිහිපත් කළ අමාත්‍යවරයා, මෙවර ශිෂ්‍යත්ව විභාගය මාස 05කට පසු පැවැත්වෙන බව එනම් පසුගිය වසරේ අගෝස්තු පැවැත්වීමට තිබූ බව ද පැවසීය.
ඉතාම පීඩනයක් මධ්‍යයේ පසුගිය වසරේ මෙරට පුංචි දුවා දරුවන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අවස්ථාවේ තමා අධ්‍යාපන ඇමති වශයෙන් සිටි බවද, එහිදී පුංචි දුවා දරුවන්ට සහනයක් ලබාදීමට විශේෂ තීරණයක් ගත් බවද, ඔහු සිහිපත් කළේය.
ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා ලබාදුන් විනාඩි 45ක කාලයට තව විනාඩි 15ක කාලයක් වැඩි කළ බවද, දෙවන ප්‍රශ්න පත්‍රය වන බහුවරණ පත්‍රය සඳහා එතෙක් පැවති පිළිතුරු 04 පිළිතුරු 03 දක්වා වෙනස් කළ බවද කීය.
පුංචි දූලා පුතාලාට යම් අස්වැසිල්ලක් ලබාදීමට ගත් මෙම ක්‍රියා මාර්ගය මෙරට දරුවන් ඉතාම ඉහළින් භාරගත් බවද, ඒ අනූව ලංකා ඉතිහාසයේ පළමු වරට ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200න් 200 ගත් දරුවන් 11ක් සිටි බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ ආකාරයෙන්ම මෙවරත් විභාගය පවත්වන බවද, මෙවර විභාගයට පුංචි දුවා දරුවන් 340,508ක් පෙනී සිටින බව ද, දරුවන් විශ්වාස කරන ලෙසද, දරුවන්ගේ ශක්තිය පිළිබදව විශ්වාස කරන ලෙසද ජනමාධ්‍ය අමාත්‍යවරයා දෙමාපියන්ට අවධාරණය කළේය.