රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( ජනවාරි 19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ “තෙල් පිළිබඳ ගැටලුව අභ්‍යන්තරයේ සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. අවාසනාවකට එළියට ආවා. එසේ නොසිදු වියයුතු දෙයක්. නිශ්චිතව අපට චෝදනාවක් එල්ල වූ නිසා එයට පිළිතුරු දීමට සිදුවුණා. එම චෝදනා ප්‍රති චෝදනා අභ්‍යන්තරයේ පමණක් සාකච්ඡා වී ජනතාවට විසඳුම පමණක් දැනගැනීමට තිබූ දෙයක්.”
“කෙසේ නමුත් ඊයේ මහ බැංකුව විසින් ඩොලර් දීලා මුහුද මැද තිබුණ නැව් දෙකක් ගොඩබා ගැනීමට අවස්ථාව ලැබුණා. එයින් ලැබෙන තෙල් මෙට්‍රික් ටොන් 37 500න් මෙට්‍රික් ටොන් 10 000ක් විදුලිය නිෂ්පාදනයට ලබා දෙන්න මම තෙල් සංස්ථාවට උපදෙස් ලබා දුන්නා. ඒ අය දෛනිකව ඉල්ලා තිබුණේ මෙට්‍රික් ටොන් 1500ක් ප්‍රමාණයක්. ඔවුන්ට එය දින 08කට පමණ ප්‍රමාණවත් වෙනවා.” අමාත්‍යවරයා සඳහන් කළ ඉන්ධන අවශ්‍යතාව සැපිරිය හැක්කේ දින 08කට නම් එය තාවකාලික විසඳුමක් නොවේදැයි මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ මෙරටට සෑම සතියකටම වරක් ඉන්ධන නැවක් ළඟ වන බවත්, ඒ අනුව සෑම සතියකටම වතාවක් ඉන්ධන ලබාගන්නා බවත්, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ දිගු කලක් ඉන්ධන රඳවා තබා ගැනීමට ඉන්ධන ගැනීමක් සිදු නොවන බවත්ය.
එමෙන්ම මෙමගින් විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන සෑහෙන තරම් නොලැබෙන්නේ යැයි පැවසීම ව්‍යාජයක් බවත්, සෑම සතියක් තුළදීම ඉන්ධන විදුලිය ජනනය වෙනුවෙන් ලබා ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. සුනිත්‍ය බලශක්තිය සහ විදුලියෙන් ධාවනය වන මෝටර් රථ මෙරටට ආනයනය කිරීමට දිරි ගැන්වීම සම්බන්ධයෙන්ද මාධ්‍ය විමසූ අතර එහිදී අමාත්‍යවරයා පැවසුවේ විදුලියෙන් ධාවනය වන මෝටර් රථ මෙරටට ගෙනඒමට ප්‍රවර්ධනය කළද ඉන්ධන යොදාගෙන විදුලිය නිපදවීම සිදු කරන තාක් එම ප්‍රවර්ධනය සාර්ථක එකක් කරගැනීමට නොහැකි බවත්, ජනාධිපතිවරයාගේ සංකල්පයක් වන සුනිත්‍ය බලශක්තිය යොදාගැනීම සඳහා සාර්ථක වැඩපිළිවෙලක් දියත් කිරීම තුළින් පමණක් ඉන්ධන වෙනුවට විදුලියෙන් ධාවනය වන මෝටර් රථ ගෙන්වීම ප්‍රවර්ධනය කළ හැකි බවත්ය.