ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත විසින් ඊයේ (18) දිනයේ ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව ආණ්ඩු පක්ෂය ගෙනා කල්තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ රට ආර්ථික වශයෙන් නැංවීමේ කටයුත්ත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ශක්තිමත් ලෙස ඉටු කරමින් සිටින බවද එක් පවුලක් වශයෙන් මෙම ආර්ථික අර්බුදය ජය ගෙන රට දිනවීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා කීය.
''මේ වන විට ගෙවිය යුතුව ඇති සෑම විදේශ ණය වාරිකයක්ම රජය නිසියාකාරව ගෙවා තිබෙනවා. මේ රට අයිති අනාගත පරම්පරාවටයි. අද කටයුතු කරන ආකාරය මත අනාගතය තීරණය
වනවා.'' යයි ද පැවසීය.
මෙරට ජනතාව යහපාලන අණ්ඩුව ප්‍රතික්ෂේප කර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රට භාර දුන් බවත් කොවිඩ් වසංගතය හමුවේ , කර්මාන්ත ශාලා වැසී ගොස් සංචාරක ව්‍යාපාරය කඩා වැටුණු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කොවිඩ් මර්දනය සඳහා එන්නත ලබා ගැනීමේ බර කරට ගෙන ක්‍රියාත්මක වීම නිසා එහි ප්‍රතිඵල 2022 අපි භුක්ති විඳින බවද කීය. අද වන විට එන්නත් දෙකම ලබා දී අවසන් බවත් අද වන විට පැහැදිළිවම රට විවෘත කර ඇති බවද කීය.
පසුගිය වසර 02ත් එක් කරගෙන මෙම වසරේ වැඩ කිරීමට දැන් සිදුව ඇති බවත් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයෙන් එම කටයුතු ආරම්භ කළ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, මීරිගම, කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කළ බවද කීය. ජනතාව බලාපෙරොත්තු වූ ලෙස ඉතා ඉක්මනින් රට ආර්ථික වශයෙන් දියුණු වෙමින් ඇතැයිද කීය.
පෝට් සිටිය හදන්න නම් සීගිරිය ගල කඩා දැම්මත් මදි කියමින් විපක්ෂය එදා බොරුව සමාජගත කිරීමට උත්සාහ කළ බව කී අමාත්‍යවරයාම් එහෙත් ඊයේ දවසට පමණක් පුද්ගලයන් 22,000ක් වරාය නගරය නැරඹීමට ගොස් ඇතැයිද කීය.
විපක්ෂය විසින් පෝට් සිටියට ඇතුළ් වීමට හෝ නොැහැකි බවත් වීසා ගත යුතු බව සහ චීන කොලනියක් බව පවසමින් විවිධ චෝදනා එල්ල කළේ යැයිද කීය. මේ වන විටත් සංචාරකයින් පැමිණෙමින් සිටින බවත් ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල් පිරී ගොස් ඇතයිද කීය.
අද වන විට ලෝකයේ සංචාරය සඳහා සුදුසු රටවල් අතුරින් තුන්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත. වසර 24ක් පැවති ගුරු විදුහල්පති ගැටළුවට මෙම රජයෙන් විසඳුම් ලැබුණු බවද අමාත්‍යවරයා පැවසීය.