බහලුම් නිෂ්කාශන ක්‍රියාවලියේ සාඵල්‍යතාවය හා කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සහ එයින් සිදුවන ප්‍රමාදයන් අවම කර රාජ්‍ය අදායම ඉපැයීම සහ ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ වේ.
ශ්‍රි ලංකා රේගුව මගින් දෛනිකව ආනයන බහාලුම් 1100 ක ප්‍රමාණයක් සහ අපනයන බහාලුම් 400 ක ප්‍රමාණයක් රේගු නිෂ්කාශන ක්‍රියාවලියට භාජනය කෙරේ. මෙය කාර්යබහුල දිනවල ආනයන බහාලුම් 2500 ක් දක්වා හා අපනයන බහාලුම් 1700 ක් දක්වාද වැඩි වීමට ඉඩ ඇති බැවින් ශ්‍රි ලංකා රේගුව සඳහා නවීන බහාලුම් පරිලෝකන පද්ධතියක් ස්ථාපිත කිරීමද දැඩි අවශ්‍යතාවයක්ව පැවතිණි.
මේ දක්වා මෙම බහාලුම් පරික්ෂා කරනු ලැබුවේ අවදානම මත පදනම් වූ තෝරාගැනීමේ ක්‍රමවේදයකට අනුව (Based on the risk Management Criterias) රේගු නිල ධාරීන්ගේ මැදිහත්වීම තුළින් වන අතරම ඒ සඳහා භාවිත කරනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙර ස්ථාපනය කරන ලද පරිලෝකන යන්ත්‍ර සූත්‍ර වේ. එබැවින් අවශ්‍ය පරිදි පරිලෝකන කාර්යයන් ඉටු නොවීම නිසා වරාය තුළ දැඩි තදබදයක්ද ඇති වී තිබුණි.
මෙවැනි නව තාක්ෂණය මුසු වූ පරිලෝකනයන් යොදා ගෙන භාණ්ඩ පරික්ෂාව ලෝක රේගු සංවිධානය මගින් නිර්දේශ කර ඇති අතර ලෝකයේ රටවල් මෙමගින් ප්‍රයෝජන ලබා ගෙන ඇති අතර ශ්‍රි ලංකා රේගුවද මේවන විට ඒ හා සම්බන්ධ වී ඇත.
බහාලුම් පරිලෝකනය කිරීම මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් නිසි පරිදි පරිලෝකනය කිරීම මගින් වරාය තුළ හා කොළඹ නගරය තුළ ඇතිවන තදබදය අඩු කිරීම ,Target Base Controlled මගින් නිසි පරිදි හඳුනාගත් වැඩි අවදානමකින් යුතු බහාලුම් ඉතා විධිමත්ව දැඩි අවදානයකින් යුතුව පරික්ෂා කිරීම,වඩාත් කාර්යක්ෂමව වැඩි බහාලුම් සංඛ්‍යාවක් පරිලෝකනය කිරීම,වඩාත් සාර්ථක ලෙස තහනම් හෝ සීමා පනවන ලද ද්‍රව්‍ය , බහාලුම් මගින් රට තුලට ගෙන ඒම වැළැක්වීම ,නව තාක්ෂණයේ භාවිතය මගින් සහ සේවකයන්ගේ මැදිහත්වීම අවම කිරීමෙන් රේගු පර්යේෂණ ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි කිරීම,යම් බහාලුම් ප්‍රමාණයක් වැඩිදුර පරික්ෂණවලින් තොරව නිදහස් කිරීමට හැකිවීම නිසා ව්‍යාපාරිකයින්ට කාලය හා මුදල් ඉතිරි කරගැනීමට හැකිවන අතර රේගු පරික්ෂණවලදී ඔවුන්ගේ භාණ්ඩවලට සිදුවන හානීය අවම වීම සහ වැඩිදුර පරික්ෂණවලින් තොරව බහාලුම් ප්‍රමාණයක් නිශ්කාෂණය වීම මගින් වරාය හා රේගු පරීක්ෂණ අංගන සහ අතරමග මාර්ගවල තදබදය අඩුවන අතර වැඩිදුර රේගු පරීක්ෂණ සඳහා යොමුවන බහාලුම් සඳහා ගතවන කාලයද අඩු වීම ද මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රි ලංකා රේගුවට,රජයට සහ ව්‍යාපාරිකයින් හට අත්වන විශේෂ වාසි කිහිපයක් වේ.