රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (ජනවාරි 19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීමට ආණ්ඩුවේ තීරණයක් ඇත්ද යන්න මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ගනු ලැබුවේ 1950 දි බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරට ණය ලබාගෙන ඇති බවත්ය.
ශ්‍රී ලංකාවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටක් බවත්, එය මෙරටට අදාළ නොවන ආයතනයක් ලෙස දැක්වීම නිරවද්‍ය නොවන බවත්, ජාත්‍යන්තර අරමුදලෙන් ණය ගැනීම සම්බන්ධ බිය ජනක හැඟීමක් ඇති කිරීම නිවැරදි නොවන බවත්, අමාත්‍යවරයා පැවසීය.