යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියස සිට හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් රථ පෙරහැරකින් යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි බංගලාදේශ නාවික හමුදා ප්‍රධානි, යුද්ධ හමුදා මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ඉන්දික පෙරේරා මහතා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය භටපිරිස් විසින් එතුමන් වෙත පුද කළහ.
ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල මහතා විසින් බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම්. ෂහීන් ඉක්බාල් මහතා පිළිගෙන සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා ප්‍රධාන පීඨීකාව වෙත කැටුව යන ලදී. පසුව, රෙජිමේන්තු වර්ණ පෙරටු කරගත් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් වර්ණවත් සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමුවේය.
පෙලපාලියේ අණදෙන නිලධාරි කපිතන් ඊ.ටි.කේ. එදිරිවීර විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත රපෝර්තු කිරීමෙන් පසුව විධායක ජෙනරල් සමගින් බංගලාදේශ නාවික හමුදා ප්‍රධානි සම්මාන පෙලපාලිය නිරීක්‍ෂණය කළහ.
ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථාන පිවිසුම් දොරටුව අභියසදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම්. ෂහීන් ඉක්බාල් මහතා උණුසුම් අයුරින් පිළිගෙන යුද්ධ හමුදා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එතුමන් වෙත හඳුන්වාදෙනු ලැබීය.
බංගලාදේශ නාවික හමුදා ප්‍රධානි යුද්ධ හමුදා මුලස්ථානයේ සිදුකල සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් ගනු ලැබු සමුහ ඡායාරූපයකට ද එතුමන් එක්විය.
ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති සුහද හමුවට එක්වු බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම්. ෂහීන් ඉක්බාල් මහතා සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමුද්‍ර ගැටළු, නාවික කටයුතු ඇතුළු ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගත්හ.
එහිදී, බංගලාදේශ නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් එම්. ෂහීන් ඉක්බාල් මහතා දිවයිනට පැමිණිම සහ යුද්ධ හමුදා මුලස්ථානයට පැමිණිම පිළිබඳ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ස්තූතිය පුද කළේය. එසේම, කලාපයේ සැබෑ අසල්වැසියෙකු ලෙස බංගලාදේශ නාවික හමුදා ප්‍රධානි ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ලබාදෙන සහයෝගය පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි එතුමන් වෙත සිය ප්‍රසාදය පළ කළේය.
මෙම සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් බංගලාදේශ නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් එම්. ෂහීන් ඉක්බාල් මහතා සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
බංගලාදේශ නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් එම්. ෂහීන් ඉක්බාල් මහතා යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.
SL Army