ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එසේම ගිය අයවැය තුළ ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අපේ නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කරන්න අවශ්‍ය කරන ඒ වැඩපහසුකම් ටික ලබා දී ඇති බවත්, 2022 වර්ෂයේ නැවත වරක් රටේ තිබෙන නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරමින්, රටට අවශ්‍ය විසදුම් ලබාදි එකම රටක් සේ එකතුවී වැඩ කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය.
එහිදී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අදහස් දක්වමින්;
“මේ බලයට පත්වන විට අපිට සුඛිත මුදිත ආර්ථිකයක් තිබුණේ නෑ. මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබුණා. රටේ ආර්ථිකය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබුණා. මේ සියල්ල හමුවේ තමයි නැවුම් බලාපොරොත්තු එක්ක අතිගරු ගෝඨාභය මැතිතුමාව මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කළේ. ඒ එක්කම ගෝලීය ආර්ථිකයත් එක්ක අපිට විශාල අභියෝග රාශියක් තිබුණා. ඒවා කළමණාකරණය කරමින් සිටියදි ඒ වගේම මාස කිහිපයක් ඇතුළත ලෝකයටම මුහුණපාපු ඒ කොරෝනා වසංගතයට අපිට මුහුණ දෙන්න සිදු වුණා. ඒ සියලු දේට මුහුණ දෙමින් ගිය වසර දෙක තුළ ජනතාවට විශාල අභියෝග රාශියක් මැද කටයුතු කරන්න සිදු වුණේ. නමුත් අතිගරු ජනාධිපතිතුමා ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන කල්පනා කරලා ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා එන්නත්කරණය සිදු කළා. ඒ වගේම මේ වන විට 85%ට එන්නත්කරණය සිදු කරලා තිබෙනවා. ඒ වගේම පාසැල් ශිෂ්‍යන්ට ඒ එන්ත්කරණය ලබාදෙමින් ඒ වසර දෙකක් කඩාකප්පල් වෙච්ච අධ්‍යාපනය නැවත යථා තත්වයට පත්කරලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය පහුගිය කාලය තුළ කඩාවැටිලා තිබුණා. මේ එන්නත්කරණය තුළින් මේ වර්ෂය තුළ නව ජවයකින් රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් වැඩකටයුතු කරන්න ඒ අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා.
“අද සමහර අය මේ තත්ත්වය තුළ බොරදියේ මාළු බාන්න වගේ පටු දේශපාලන වාසි ගන්න හදනවා. නමුත් අපි විශ්වාස කරනවා ඒ කාටවත් ඒ පටු දේශපාලන වාසි ගන්න හම්බෙන්නේ නෑ කියලා. අපි 2005 දී අපිට හොඳ ආර්ථිකයක් තිබුණේ නෑ. අපි යුද්ධයත් එක්ක විශාල අර්බුද රාශියකුත් එක්ක තමයි එදා 2005 ආණ්ඩුව භාර ගත්තේ. නමුත් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැකිවුණා යුද්ධය නිමා කරලා අපිට ශක්තිමත් ආර්ථිකයක් ලබා දෙන්න. ඒ වගේම අපි මේ ආණ්ඩුව අරගෙන මාස කිහිපයක් තුළ කොරෝනා වසංගතයට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් අපි සියලුදෙනා එකතුවෙලා නව ජවයකින් යුක්තව 2022 වර්ෂයේ නැවත අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරලා අපේ රටේ මේ තිබෙන විසදුම් ලබාදිලා නැවත වරක් රටක් විදිහට එකතුවෙලා වැඩකටයුතු කරන්න සැලසුම් කරලා තිබෙනවා” යනුවෙනි.
එමෙන්ම, කවුරුන් හෝ බල අරගලයකට උත්සාහ කරන්නේ නම් එම කටයුතු විහිලුවක් බවට පත් වන බවත්, ජනාධිපති වරයා විසින් කරන ලද රාජාසන කතාවේදී ඉතාමත්ම පැහැදිලිව මෙම වසරේ වූ සියලුම පොරොන්දු ඉටු කිරීමට රජය විසින් කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳීගොඩ මහතා ද ඔවුන්ගේ අදහස් දැක්වීය.