ඇය මේ බව පැවසුවේ අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කළේ, පසුගිය වසර අවසානයේ ඩෙංගු රෝගීන්ගේ සුවිශාල වර්ධනයක් සෞඛ්‍ය අංශ වල වාර්තා අනූව පෙනීගිය නිසා බව ඇය කියා සිටියාය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ රෝගීන් 8900 ඉක්මවා වාර්තා වූ බවත් මෙම වසරේ ජනවාරි මැද වන විට ඩෙංගු රෝගීන් 4900 ඉක්මවා වාර්තා වී ඇතැයි මහේෂිකා කොඩිප්පිලි ආරච්චි මෙනවිය පෙන්වා දුන්නාය .
.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය , පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය විෂය ක්ෂේත්‍රය ආවරණය කරමින් ඩෙංගු වර්ධනය වන හා ඩෙංගු බෝ වන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදු කරගැනීම මෙම වැඩසටහනේ අරමුණ බවද අතිරේක ලේකම්වරිය සඳහන් කළාය.
එහිදී පළාත් පාලන ආයතන 341 ආවරණය වන පරිදි දිවයිනේ පළාත් සභා 09 නියෝජනය වන ප්‍රධාන ලේකම්වරුන් 09 දෙනාත් සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙන්ම පළාත් පාලන කොමසාරිස්වරුන් සම්බන්ධ කරගනිමින් දීප ව්‍යාප්තව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලෙස සුපිරිසිදු පරිසරයක් නිර්මාණය කරගැනීමේ කාර්යය සැලසුම් කර ඇතැයිද ඇය පැවසුවාය.