කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනාවකට අනුව දකුනු කොරියා කතානායකවරයා දිවයිනට පැමිණ තිබේ. නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක යන මහත්වරු විසින් දකුණු කොරියා කතානායකවරයා පිලිගැනීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටියහ.
මෙම සංචාරයේදී ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමු වීමට නියමිතය
දකුණු කොරියානු කතානයකවරයාගේ සංචාරය සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස් බුක් පිටුවේ මෙලෙස සටහනක් තබා තිබේ '' ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන් ගේ ආරාධනාවකට අනුව මෙරට පැමිණි දකුණු කොරියානු ජාතික සභාවේ ගරු කථානායක පාර්ක් බයියොන් සෝග් මැතිතුමන් පිළිගැනීමට ලැබීම භාග්‍යයක් කොට සළකනවා. එතුමන්ගේ මෙම සංචාරයේදි දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සබඳතා නව මාවතකට යොමු කිරීමට හැකිවෙතැයි මා විශ්වාස කරනවා.''