මෙම සෞඛ්‍ය තත්ත්වය ලෝකයේ සියලු ආර්ථිකය ගිල ගෙන තිබෙන බව ද සභානායකවරයා ප්‍රකාශ කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා (18) ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව ආණ්ඩු පක්ෂය ගෙන එන කල්තැබීමේ විවාදයට එක්වෙමිනි.
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවටත්, පාර්ලිමේන්තුව මගින් රටටත් ලබා දුන් ආදර්ශය පිළබඳ ප්‍රශංසාව පුදකරන බව කී සභානායකවරයා රාජ්‍ය නායකයා වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩවට පමණක් නොව විපක්ෂයටද රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මූලික කරුණු පැහැදිළි කළ බව කීය.
ලෝකය මුහුණු දුන් භයානක වසංගත තත්වයට රට මුහුණ දුන් බවත් ,මෙම තර්ජනය ලෝකයේ සෑම රටකටම පොදු බවත් පෙන්වා දුන් සභානායකවරයා, මෙම සෞඛ්‍ය තර්ජනය ලෝකයේ සියළුම ආර්ථිකයන් ගිල ගෙන ඇතැයිද පෙන්වා දුන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු කොටම මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග ගෙන තිබේ. අද වන විට මෙම තත්ත්වය කළමණාකරණය කර ගැනීමට හැකි වී ඇති බවත් මේ සම්බන්ධයෙන් විපක්ෂය නොදැන කතා කිරීම සුදුසු නොවන බවද කීය.
යම් යම් ආර්ථික පසුබෑම් වලට ලක් වුවද අනෙකුත් ආසියානු රටවල් හා සසඳන කළ ශ්‍රී ලංකාව යම් කිසි ප්‍රගතියක සිට ගමන් කර ඇතැයිද පෙන්වා දුන්නේය. මෙතෙක් වගා නොකර ඉඩම් යළ වගා කිරීමට කටයුතු කිරීම, ගම්මට්ටමින් විවිධ ගෙවතු වගාවන් ආරම්භ කිරීම සහ ඒ සඳහා හොඳ මිලක් ලබා දීමට රජය කටයුතු කර තිබේ.
විවිධ බෝග වගාවන්ට අද ගම්වල ගොවි ජනතාව යොමු වී ඇත.සහල් අර්බුදයකට රට මුහුණ දී ඇති බවත් ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගය ජනාධිපතිවරයා පැහැදිළි ව ප්‍රකාශ කළ බවද කීය.
තවද, ගෝලීය රටවල් සමග මිත්‍රශීලීව කටයුතු කරන බව කී සභානායකවරයා ශ්‍රී ලංකා රජය ගෝලීය පාසල් ආහාර සන්ධානයට සම්බන්ධ වීම සඳහා පැවති විශේෂ හමුවක් ,ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහනේ ( WFP) නියෝජිතයන් සමග ඊයේ දිනයේ පැවැත් වූ බව ද කිය.ශ්‍රී ලංකාව තනි වී නොමැති බවත් ක්ෂේත්‍රයෙන් ක්ෂේත්‍රයට ශ්‍රී ලංකාව සමග සම්බන්ධ වන රටවල් තිබෙන බවද කීය.ලෝකයේ සෑම සමාජයකම ඇති නැති ආර්ථික පරතරය උග්‍ර වෙමින් පවතින බවත් රජයට දිය හැකි සහන ලබා දෙමින් ඒ සඳහා මැදිහත් වෙමින් රජය කටයුතු කරන බවද කීය.
ලක් ඉතිහාසයේ විශාලතම මුදලක් ගුරු පරපුර වෙනුවෙන් වෙන් කළේ මෙම රජය බව ත් අමාරු අවස්ථාවේදී රුපියල් බිලියන 30ක් ගුරු විදුහල්පතිවරුන් වෙනුවෙන් වෙන් කළ බවත් මේ වන විටත් ගෙවීම ආරම්භ කර ඇතැයිද කීය. ඊයේ සහ පෙරේදා වන විට ගුරු විද්‍යාල සියල්ල විවෘත කර ඇති බවත් එයින් විශාල පිරිසක් අධ්‍යාපන සේවයට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බවද කීය.