මේ වන විටත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ඉදිරි මාස එකහමාරකට අවශ්‍ය ඉන්ධන සංචිතයක් පවතී. ගෙවී ගිය සතියේ ද ඩොලර් මිලියන 32ක් ගෙවමින් ඉදිරියට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීමට ඇණවුම් ලබා දී ඇත. ඉන්ධන මිළ දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිතයක් ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු වේ.
ඒ අනුව මෙරට ගුවන් සේවා සදහා සපයනු ලබන සේවාවන් කිසිවිටකත් අඩාල නොවන ලෙස පවත්වාගෙන යාමට තම අමාත්‍යාංශය පියර ගෙන ඇතැයිද රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.