ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා (18) ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව ආණ්ඩු පක්ෂය ගෙන එන කල්තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයාමේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ, අද අප සිටින්නේ කොරෝනා නිසා පමණක් ඇති වූ ආර්ථික අර්බුදයක් නිසා නොව 1955 සිටම ණය ගනිමින් ආදායමට වඩා ණය ගැනීම නිසා ඇති වූ ආර්ථික අර්බුදය නිසා බව පෙන්වා දුන්නේය.
මාර්තු මාසය වන විට පංච මහා අර්බුදයකට මුහුණ දිය හැකි බව තමා අනතුරු ඇග වූ බව කී අමාත්‍යවරයා, පක්ෂ භේදයකින් තොරව සෑම දෙනාම මෙම ආර්ථික අර්බුදයට දායක වී ඇතැයි සඳහන් කළේය. ඉතිහාසයේ සෑම ආණ්ඩුවක්ම මෙම අර්බුදයට දායකත්වය ලබා දී ඇතැයිද කීය. පක්ෂ භේද පසෙක තබා මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ යා යුතු බවත් ඒ් සඳහා ජාතික වැඩපිළිවෙළක් ජනගත කළ යුතු බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂය බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් චෝදනා කරන බවද කීය