මහ බැංකු පරිශ්‍රයේ අද (ජනවාරි 20) පැවති “මුදල් ප්‍රතිපත්ති විවරණය '' මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ සම්බන්ධයෙන් දැනුවත් කළේ ය.
එමෙන්ම 2022 පෙබරවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ රුපියල් ගිණුම් වෙත මුදල් ප්‍රේෂණය කිරීමේදී ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගෙන් අයකරනු ලබන ගනුදෙනු පිරිවැය එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 1,000 බැගින් ප්‍රතිපූරණය කිරීම සහ විදේශ ශ්‍රමිකයන්ගේ විදේශ ව්‍යවහාර මුදල් සහ රුපියල් තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාතික හඳුන්වා දීමටද මහ බැංකුව තීරණය කර ඇත.
මීටඅමතරව ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන් සඳහා විදේශ විනිමය පමණක් භාර ගන්නා ලෙස සියලුම ලියාපදිංචි සංචාරක ආයතනවලට අනිවාර්යය කිරීමටද මහ බැංකුව තීරණය කර ඇත.
ඉන්ධන මිලදී ගැනීම් සඳහා වන අත්‍යවශ්‍ය ආනයන බිල්පත් මූල්‍යනය කිරීම බලපත්‍රලාභී බැංකු අතර ඔවුන්ගේ විදේශ විනිමය ලැබීම්වලට සමානුපාතිකව බෙදා හැරීමටද මහ බැංකුව තීරණය කර ඇත.
පවත්නා සහ අපේක්ෂිත සාර්ව ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, සාර්ව ආර්ථික ස්ථායීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19) පැවති රැස්වීමේදී මෙම තීරණ ගත් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසීය.