ඡන්දය නොලැබුණද උතුරට සහ දකුණට භේදයකින් තොරව පොදුවේ සංවර්ධනය ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා සහාය ලබා දෙන්නැයිද පරිසර අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා (18) ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව ආණ්ඩු පක්ෂය ගෙන එන කල්තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය නොවැම්බර් මාසය වන විට මෙරට ණය ප්‍රමාණය රුපියල් බිලියන 17220 කි. ඒක පුද්ගල ණය ප්‍රමාණය 785,620කි. මෙම ණය කන්දරාව තවත් වැඩි නොකර ගනිමින්, ගන්නා හැම ණයක්ම රටේ ආර්ථිකය නැංවීමට සහ මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ගත යුතු බවත් අපේ රටේ අපට අවශ්‍ය ආහාර මෙරට නිෂ්පාදයනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බව පරිසර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ සඳහා ජනාධිපතිවරයා ඉදිපත් කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සහය දිය යුතු බවද කීය
විදුලිබලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති මේ මොහොතේ, ගල් අගුරු සහ ඩීසල් වලින් විදුලිය ලබා ගැනීම වෙනුවට පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමු විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. කිසිදු රජයක් මේ සඳහා මැදිහත් නොවූ බවත්, වත්මන් රජය ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් මෙරට විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය විදුලි බලයෙන් සපුරා ගැනිමේ ඉලක්කය වී ඇතැයිද කීය. වාහන මෙරටට ගෙන්වීමේදී විදුලියෙන් ධාවනය වන වාහන ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇතැයිද ඒ බව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් කර ඇති බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
70-77 දශකයේ මෙරට ආරම්භ කළ වැඩපිළිවෙළ මේ රට දියුණු කිරීමේ වැඩපිළිවෙළ බවත් දේශීය ගොවියා සහ ධීවරයා කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කළ ඒමවැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වූයේ නම් අද අපට ඩොලර් ලැබෙන තුරු බලා සිටීමට සිදු නොවනු අතැයිද කීය. 70-77 තිබූ හොඳ වැඩ නැවත ආරම්භ කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පිළිබඳ සිය අවධානය යොමු කර තිබෙන බවත් කීය.