විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසූයේ 2021 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තෙම්න්තුවේ අද(20) පැවතී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයන් 255062ක්, දමිළ මාධ්‍ය අපේක්ෂකයන් 85446ක් ඇතුළුව අපේක්ෂකයෝ 340508ක් විභාග මධ්‍යස්ථාන 2943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108ක දී, විභාගයට පෙනී සිටිති.
කොවිඩ්-19 ව්‍යවසනය හමුවේ වුවද කිසිම දරුවකුට අසාධාරණයක් නොවී කොවිඩ් ආසාදිත හා නිරෝධායනයට ලක්වී ඇති දරුවන්ට විශේෂ ක්‍රමවේදයක් යටතේ විභාගයට ලිවීමට පහසුකම් සළසා ඇත. කොවිඩ් ආසාදිත දරුවන්ට, කලාපයකට එක් විශේෂිත මධ්‍යස්ථානය බැගින් දිවයින පුරා මධ්‍යස්ථාන 108ක් ස්ථාපනය කර තිබේ. කොවිඩ් ආසාධිත දරුවන් තමාට ලඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් PCR හෝ Rapid Antigen පරීක්ෂණ වාර්තාව ලබා දී විශේෂ මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇත.
නිරෝධායනය වන සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන්ට තමාට අදාළ මධ්‍යස්ථානයේම විශේෂ කාමරයක් ස්ථාපනය කර ඇති අතර එහිදී ඔවුන්ට විභාගයට පිළිතුරු ලිවීමට පිළිවන. මේ පිළිබඳව දැනටමත් සියලුම විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර තිබේ.
විභාගයට පැමිණීමේදී දෙමාපියන් ඇතුළු දරුවන් මුව ආවරණ පැළම, දෙඅත් සේදීම, පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම වැනි සෞඛය මාර්ගෝපදේශ වලට අනුව ක්‍රියා කළ යුතුය. මෙවර ශිෂ්‍යත්වයේ අභියෝගතා පරීක්ෂණ පළමු පත්‍රයට පිළිතුරු ලිවීමට පැය 01ක කාලයක් සහ දෙවන පත්‍රයට ලිවීමට පැය 01ක් සහ විනාඩි 15ක් ලැබේ.
දෙමව්පියන් තම දරුවන්ට මානසික පීඩනයක් නොදී සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දීමට අවශ්‍ය පරිසරය සකසා දිම වැදගත් වන බව ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසුරිය මහත්මිය ප්‍රකාශ කළාය. විභාගය ලිවිමේදී ප්‍රශ්න පත්‍රයේ සඳහන් සියුම් තැන් ගැන සැලකිලිමත් වෙමින් සාර්ථකව විභාගයට මුහුණ දෙන්නැයි විශේෂඥ වෛද්‍යවරිය දරුවන්ගෙන් ඉල්ලා සිටියාය.
විභාග කොමසාරිස් (පාලන සහ විමර්ශන) අමිත් ජයසුන්දර, විභාග කොමසාරිස් (පර්යේෂණ හා සංවර්ධන) ගයාත්‍රී අබේගුණසේකර, නියෝජ්‍ය විභාග කොමසාරිස් (පාසල්, විභාග සංවිධාන හා ප්‍රතිඵල අංශයේ) එම්. ජිවරාණි පුනිතා යන මහත්ම මහත්මීහු ද ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූහ.