බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය සදහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) දේශීය වෛද්‍ය ක්‍රම උදෙසා වූ කාර්ය සාධක බලකායේ 04 වන සැසිවාරය (20) දින පවත්වන ලද අතර එය මෙවර සත්කාරක රාජ්‍ය වන ශ්‍රී ලංකාවේ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ විදේශ කටයුතු අමාත්‍යංශයේදී ආරම්භ කෙරිණි.
බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව, තායිලන්තය යන රටවල් 07හි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම BIMSTEC සංවිධානය පිහිටුවා තිබෙන අතර මෙම 04 වන සැසිවාරයේදී රටවල් වලට ආවේණික දේශීය වෛද්‍ය ක්‍රම තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමෙහිලා ගතයුතු සහ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව රටවල් අතර දැනුම හුවමාරු කරගැනීම, දේශීය වෛද්‍ය ක්‍රම සංවර්ධනය, සංරක්ෂණය හා ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම සිදුකරනු ලබයි.
මෙම දේශීය වෛද්‍ය ක්‍රම උදෙසා වූ කාර්ය සාධක බලකායේ 04 වන සැසිවාරය ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් පවත්වනු ලබන අතර එම සමාරම්භක අවස්ථාව සදහා වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර, අතිරේක ලේකම් ගීතාමනී කරුණාරත්න, අධ්‍යක්ෂ (සංවර්ධන) තාරකා මේධාවී දිසානායක, දේශීය වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්ය එස්. එම්. එස්. සමරකෝන්, වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍ය ටී. වීරරත්න, ආයුර්වේද වෛද්‍ය ක්‍රිශෝ ලෝජන් යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියහ.