පසුගිය 15-01-2022 වන සෙනසුරාදා දින මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පලමු පැය 12 ඇතුළත ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබුණි. 16-01-2022 වන ඉරිදා දින දහවල් 12.00 පසුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරීම ආරම්භ කෙරිණි. 16-01-2022 වන ඉරිදා දින මධ්‍යම රාත්‍රියේ සිට 17-01-2022 වන සඳුදා දින මධ්‍යම රාත්‍රිය දක්වා වාහන 23,039 ක් මෙම මාර්ගයේ ධාවනය වූ අතර එය මෙම දින තුන (03) ඇතුළත ධාවනය වූ වැඩිම වාහන සංඛ්‍යාව වේ. එදින රු 4,865,500.00 ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
මීරිගම , නාකලගමුව , දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථාන වල මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටසේ අන්තර්හුවමාරු මධ්‍යස්ථාන පිහිටා ඇත.