පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

      '’සයුර රකින රැල්ල’’වැඩසටහන අද ගාල්ල දෙවට වෙරළ තීරයේ දී

    ජනවාරි 21, 2022

    ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ තීරය එක් දිනක් තුළ පිරිසිදු කිරීමේ '’සයුර රකින රැල්ල’’වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන අද (21) පෙරවරුවේ, ගාල්ල දෙවට වෙරළ තීරයේ දී වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන්ද සිල්වා මහතාගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

    වෙරළ සංරක්ෂණ හා පහත්බිමි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ තීර 29ක පිරිසිදු කිරීම ක්‍රියාත්මක වේ.

    ගාල්ල දිස්ත්‍රික් වෙරළ තීරයට අදාල සියලුම පොලිස් ස්ථාන,ත්‍රිවිද හමුදාව,පලාත් පාලන ආයතන,යෞවන සමාජ සම්මේලනය,ආයෝජන මණ්ඩලය,හෝටල් හිමිකරුවන් ඇතුලු පෞද්ගලික ආයතනවල ශ්‍රමදායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya