පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ආරක්ෂාව හා රට සුරක්ෂිත කර ගැනිමට පැහැදිළි කරුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළා-රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

    ජනවාරි 21, 2022

    ජාතික ආරක්ෂාව හා රට සුරක්ෂිත කර ගැනිම සඳහා පැහැදිළි කරුණු මෙවර සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව ආණ්ඩු පක්ෂය ගෙනා කල්තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පසුගිය දෙසැම්බර් මාසය වන විට මෙරට පුද්ගලයන් ලක්ෂයක් දෙනා කොවිඩ් වසංගතයෙන් මිය යනු ඇති බවට ඇතැම් පිරිස චෝදනා කළ බවද කීය. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ කොවිඩ් සාධක කාර්ය සාධක බලකාය අද ශ්‍රි ලංකාව කොව්ඩ් වසංගතය හමුවේ සාර්ථකව නැගී සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දී ඇතැයි කීය. මෙම පටු ආර්ථකාමී බලලෝභී ක්‍රියාමාර්ග වලින් තොරව රට මුහුණ දී ඇති තත්ත්වය තේරුම් ගනිමින් ජනතාව සහ රාජ්‍ය සේවකයා කටයුතු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    දේශීය ඖෂධ අපනයන කිරීම මෙරටට මුදල් උපයන ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය කටයුතු කරන බවද සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya