පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    රටේ සෑම ගමකම සන්නිවේදන තාක්ෂණය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ආරම්භ කළා - අමාත්‍ය නාමල් රාජපක්ෂ

    ජනවාරි 21, 2022

    ශ්‍රී ලංකාවේ National Degitalization Campaign ව්‍යාපෘතිය මේ වන විටත් ආරම්භ කර ඇතැයි ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසිය.

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ සභාව කල් තැබීමේ විවාදය 03 වන දිනය වන අද දින විවාදයට ඒක්වෙමින් ක්‍රීඩා හා තරුණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ජාතික හැඳුනුම් පත මූලික කර ගනිමින් රියදුරු බලපත්‍රය, සෞඛ්‍ය , රක්ෂන, අධ්‍යාපන සහතික , කාඩ්පත් ඇතුළු සියළුම සුභ කාඩ් පතක්ම ඩිජිටල්කරණය කරමින් Single Digital Platform ඒකක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ඒ හරහා පුරවැසියාට citizen volet ඒකක් ලබා දීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය පැවසීය.

    මෙරට ජනතාවගේ ජන ජීවිතය පහසුකිරීම සඳහා මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් මෙම ව්‍යාපෘතිය ඉදිරි මාස 30ක කාලයක් තුළ සිදු කිරිමට බලාපොරොත්තු වන බවද කීය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කළ අමාත්‍යවරයා;

    මෙය ‌අද මුළු ලෝකයම භාවිතා කරන ක්‍රමවේදයක්. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඩිජිටල්කරණය සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. ගමට සන්නිවේදනය යටතේ මේ රටේ සෑම ගමකම සන්නිවේදන තාක්ෂණය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. තාක්ෂණය භාවිතා කළහොත් එය ජනතාවට විශාල පහසුවක්. තාක්ෂණය ඔස්සේ රාජ්‍ය පාලනය යන ක්‍රමයට ජනතාව අනුගත කිරීම අමාරු කාර්යයක් වුවත් එම අනුගත කිරීම යන කාර්යයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූලිකත්වය ලබා දී ඇති බව අමාත්‍යවරයා පැවසීය

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, තම පෞද්ගලික සබඳතා පවා උපයෝගී කරගනිමින් මෙරටට අවශ්‍ය එන්නත් තොග කඩිනමින් එන්නත් ලබා දීම ආරම්භ කිරීම නිසා කඩිනමින් මෙරට ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත් කර ගැනිමට රජයට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    බොහෝ රටවල් තවමත් සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා, අද වන විට දිනකට 3000-5000ත් අතර සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණෙන බවද කී ය. ලෝකයේ ප්‍රථම වරට ජෛව බුබුලක් තුළ ක්‍රිකට් තරඟයක් පැවැත් වූ පළමු රට ශ්‍රී ලංකාව බවත් අසල්වැසි ඉන්දියාවට හෝ එසේ කිරීමට නොහැකි වූ බවය.

    රාජ්‍ය ආදායම අඩු වූ මොහොතක පවා සංචාරක ව්‍යාපාරයේ නියුතු වූවන්ට සහන සැලසීමට, ආදායම් මාර්ග අහිමි වූවන්ට අවස්ථා තුනකදී රුපියල් 5000 දීමනා ගෙවීමටද ‌රජය කටයුතු කර තිබේ. ලෝකයේ අනෙක් රටවල් පී.සී.ආර් සඳහා මුදල් අය කළ ද රජය දිනකට මිලියන 100ක් ගෙවා නොමිලේ පී.සී.ආර්. පර්යේෂණ සිදු කළ බවත්, අනෙකුත් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ලබා දීම මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ ද වැටුප් කප්පාදු කීරීමක් සිදු නොකළ බව කීය.

    අසීරු අවස්ථාවක පවා රජය , ගුරු වැටුප් විෂමතාවට විසඳුම් ලබා දුන් බවත් සෑම විටම මෙරට ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමට කටයුතු කළ බවද ලෝකයේ සෑම දියුණු රටක්ම ආහාර හිගයකට සුදානම් වන බවත් සෑම රටක්ම ආහාර වියදම වැඩි වී ඇති බවත් එය Global Trend එකක් බවට පත්ව ඇතැයි කිය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya