මේ යටතේ කාන්තා සංවිධාන අනුහතක් (97) සඳහා රුපියල් ලක්ෂ (60) හැටකට ආසන්න ස්වයං රැකියා උපකරණ බෙදාදීම සිදු කෙරුන බව ද, මෙම කාන්තා ස්වයං රැකියා රැකියාලාභීන් සිය වෘත්තීයමය වශයෙන් ශක්තිමත් කිරීම ඔස්සේ මෙරට දළ ජාතික නිෂ්පාදිතයට ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවීම මෙම වැඩ සටහනේ අරමුණ බව ද එහි දී කම්කරු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
මෙම උපකරණ ප්‍රදානය සමඟින්ම ඔවුන්ගේ ගෘහස්ථ ඵලදායිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ වූ මාර්ගෝපදේශන වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජී.යූ.කේ.අල්ගේවත්තගේ මහතා පවසයි.