තරමක සීතල කාලගුණ තත්ත්වයක් හිමිදිරි උදෑසන කාලයේදී අපේක්ෂා කළ හැක.
හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.