ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිකළ මෙමනව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි නවීන තාක්ෂණය සමඟ මහජනරාජකාරිය කාර්යක්ෂමව ඉටු කිරීමට හැකියාව පවතී.
"සෞභාග්‍යමත් ගාලු පුරයක්" යන තේමාව යටතේ ඉදිකරන ලද නව ප්‍රාදේශීයලේකම් කාර්යාල ගොඩනැගිලි තුන සඳහා රුපියල් මිලියන 196.6 වැයකර තිබේ.
මෙම විවෘත කිරීම් අවස්ථාවන් සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලීගමගේ , වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ යන මහත්වරුන් මෙන්මගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා , ස්වදේශ කටයුතු රාජ්‍යඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන ) එම්.එන් වන්නිනායක මහතා ඇතුලු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්විය.