හර්බ්ලයින් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ H – Con 2021 තරුණ ව්‍යවසායක සමුළුව 2021 වසරේ හොදම තරුණ ව්‍යවසායකයින් 500කගේ සහභාගීත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ. කොවිඩ් 19
හමුවේ රැකියා අහිමිවූ, ව්‍යාපාර අහිමි වූ පිරිස් මෙන්ම ආදායමක් අපේක්ෂාවෙන් නිවෙස්ගතව සිටි පිරිස ස්වාධීන ව්‍යවසායකයින් බවට පත්කර හර්බ්ලයින් සමග ජීවිතය ජයගත් සාර්ථක තරුණ ව්‍යවසායකයින් ලක්ෂ දෙකක් අතුරින් තෝරාගත් තරුණ ව්‍යවසායකයින් 500ක් මෙසේ සමුළුව සදහා තෝරාගෙන තිබුණි.
කොවිඩ් 19 අභියෝගය ජයගනිමින් ජීවිතය ජයගත් තරුණ ව්‍යවසායකයින් ඉදිරිපිට කොවිඩ් මර්දනය සදහා සුවිශේෂී කාර්ය භාර්යක් ඉටුකළ රාජ්‍ය අමාත්‍යතුමියට විශේෂ ඇගයීම් සම්මානය පිළිගැන්වීම හර්බ්ලයින් ශ්‍රී ලංකා ආයතනයේ සභාපති ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා සහ එහි මෙහෙයුම් අධ්‍යක්ෂ සංජීව ගනේගොඩ මහතා විසින් සිදුකරන ලදි. H – Con 2021 තරුණ ව්‍යවසායක සමුළුවේදී 2021 වසරේ හොදම තරුණ ව්‍යවසායකයින් තිදෙනෙකු සදහා සම්මාන ප්‍රදානය කිරීමකටද අමාත්‍යතුමිය මෙහිදී එක්විය.
H – Con 2021 හර්බ්ලයින් තරුණ ව්‍යවසායක සමුළුව සදහා රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, රංගන ශිල්පීන් ශිල්පිනියන්, මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.