ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ජනවාරි 24 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.
රථ වාහන අංශ පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදි හා ත්‍රිරෝද රථවලින් ගමන් ගන්නා පුද්ගලයන් දැනුම්වත් කිරීම එහිදී සිදු වූ අතර යතුරු පැදි හා ත්‍රී රෝද රථ 5125ක් පරික්ෂා කර එම යතුරු පැදි හා ත්‍රී රෝද රථවලින් ගමන් ගන්නා පුද්ගලයන් 7084ක් සම්බන්ධයෙන් සොයා බැලිනි. එම පුද්ගලයන් අතුරෙන් 1015 දෙනෙකුට අවවාද කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.