ඒ අනුව, ඉදිරියේ දී මාසික ජල බිල්පත මාස හයකට වැඩි කාලයක් ගෙවා නොමැති ජල බිල්පත්වල ජල සබඳතාව විසන්ධි කිරීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටින ලදුව, Covid-19 හේතුවෙන් ජනතාවට සහන විශාල ලෙස ලබා දීමට ජලසම්පාදන මණ්ඩලය කටයුතු කරනු ලැබූ බවත්, එහෙත් ඉදිරියේ දී හිඟ වාරික ගෙවා නොමැති ජල සබඳතාවයන් විසන්ධි කිරීමට මෙම පියවර ගනු ලබන්නේ ජල පාරිභෝගිකයින් ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කිරීම නිසා බිලියන 05 ක
පමණ හිඟ මුදලක් පවතින හෙයින් එකී හිඟ මුදල් අයකර ගැනීමට බවත් හෙතෙම කියා සිටියේය.
එමෙන්ම, ජල බිල්පත් ගෙවීම ප්‍රමාදයකින් තොරව ගෙවා නිම කරන ලෙසත්, ප්‍රමාදයකින් තොරව ගෙවන එනම් බිල්පත ලැබී දින දහහතරක් තුළ ගෙවන ජල බිල්පත් සඳහා සියයට 1.5 ක වට්ටමක් ලබා දෙනවා, මෙන්ම බිල්පත ලැබී දින 30 ක් තුළ නොගෙවන ගෙවන ජල බිල්පත් සඳහා සියයට 2.5 ක ප්‍රමාද ගාස්තු අයකෙරෙන බව ද පියල් පත්මනාත මහතා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.