පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    මෙරට ලක්ෂ 40කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිශක්තීකරණ පානය ඇතුළු ඖෂධ ලබාදී තියෙනවා

    ජනවාරි 25, 2022

    මෙරට ලක්ෂ 40කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිශක්තීකරණ පානය ඇතුළු ඖෂධ ලබාදී තියෙනවා- දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්

     

    මෙරට ලක්ෂ 40කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිශක්තීකරණ පානය ඇතුළු ඖෂධ ලබාදී ඇති බවත් ඉන් නිවෙස්ගත ප්‍රතිකාර ලබන කොවිඩ් ආදසාදිත රෝගීන්ගෙන් 190,000කට වැඩි සංඛ්‍යාවකට ප්‍රතිශක්තීකරණ පානය ඇතුළු ඖෂධ ලබාදී තිබෙන බවත් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පැවසුවාය.

    ලේකම්වරිය මේ බව කියා සිටියේ (24) දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේදී සුවධරණී ඖෂධ මංජුසාව බෙදාහැරීම පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    කොවිඩ් රෝගය පාලනය සදහා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් සිදුකරන ලද සේවාව පැහැදිලි කරමින් ලේකම්වරිය කියා සිටියේ රෝග වැළැක්වීමට ප්‍රජා සෞඛ්‍ය සේවාව සමග නිවාරණ කටයුතු සමග ඖෂධ බෙදාහැරීමේ කාර්යය ද සිදුකළ බවයි.

    ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ ද එයට ඇතුළත් වුණු අතර ආයුර්වේද රෝහල්වල සමස්ත ඇදන් සංඛ්‍යාවෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් එනම් රෝහල් 16ක ඇදන් කොවිඩ් රෝගීන් සදහා වෙන්කළ අතර මේ වන විට රෝගීන් 13,000කට ආසන්න ප්‍රමාණයකට රෝහල් පද්ධතිය තුළ ආයුර්වේද ප්‍රතිකාර ලබාදෙමින් ප්‍රතිකාර අරඹා ඇති රෝහල් වල ඒ අයුරින්ම ප්‍රතිකාර පවත්වාගෙන යන බවද ඇය පැවසුවාය.

    කොවිඩ් රෝගය පැතිරීමත් සමග හඳුන්වාදුන් සුවධරණී ප්‍රතිශක්ති වර්ධක පානය මෙරට පමණක් නොව විදෙස් රට වලද ගුණාත්මකව ප්‍රචලිත වූ බව සිහිපත් කළ ලේකම්වරිය, මෙරට සමස්ත ජනතාව වෙත මෙම ප්‍රතිශක්තීකරණ පානයන් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය වෙත මිලියන 6000ක යෝජනාවක් ඉදිරිපත් කළ බවද, අමාත්‍ය මණ්ඩලය විසින් එහි පළමු අදියර ලෙස අඩු ආදායම්ලාභීන් සදහා සුවධරණී ඖෂධ මංජුසාව ලබාදීමට මිලියන 2500ක් අනුමත කළ බවද කියා සිටියාය.

    මහාභාණ්ඩාගාරය විසින් එහි පළමු අදියර සදහා රුපියල් මිලියන 250ක් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර දුන් බවද, මෙම මුදල ඖෂධ මංජුසාවේ අඩංගු ඖෂධ සහ කැද පානයන් වෙනුවෙන් වෙන්කළ බවද ඇය පැවසුවාය.

    එක් මංජුසාවක් සඳහා සියලු වියදම් ඇතුලත්ව පවතින වෙළදපොළ තත්ත්වයන් මත රුපියල් 1000ක් ඇස්තමේන්තු කර තිබූ බවද, ප්‍රසම්පාදන කටයුතු අරඹා ඉදිරියට යාමේදී එක් මංජුසාවක් සදහා රුපියල් 565ක මුදලක් ප්‍රමාණවත් වූ බවද ලේකම්වරිය අවධාරණය කළාය.

    පළමු අදියරේ ඉලක්කගත කළ ඖෂධ මංජුසා 250,000 සදහා වැයවූයේ රුපියල් මිලියන 141ක් පමණක් බවද, මුල් අදියර යටතේ තෙවන රැල්ලේදී රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වූ බස්නාහිර පළාතට එනම් කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්ක වල අඩු ආදායම්ලාභී පවුල් සදහා මංජුසා 250,000ක් මේ වන විට බෙදා අවසන් කර ඇතැයිද ඇය සදහන් කළාය.

    පළමු අදියරේ මිලියන 250න් ඉතිරි මුදල වියදම් කිරීමට යාමේදී පසුගිය වසර අවසානයේ කොවිඩ් රෝගීන් විශාල ලෙස අඩුවූ බවද, ඒ හේතුවෙන් ඖෂධ මංජුසාව ලබාදීම 250,000ට සීමා කළ බවද, සාමාන්‍ය රෝගීන්ට ලබාදෙන සුවධරණී සහ ගුඩුච්ඡාදී චූර්ණය ඇතුළු ඖෂධ තවදුරටත් ලබාදීමේ කටයුතු ඉදිරියට කරගෙන යන අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීමද තවදුරටත් සිදුකරන බවද ලේකම්වරිය කියා සිටියාය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya