පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි දෙසතියේ ගම්පහ බුස්ටර් එන්නත ලබාදිම කඩිනම් කෙරේ

    ජනවාරි 25, 2022

     ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන හා කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ට බූස්ටර් එන්නත ලබාදීම වේගවත් කිරිමට සැලසුම්...

    ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ස්ථාන හා උත්සව වලට සහභාගී වීමේ දි කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරිම කෙරෙහි ගම්පහ කොවිඩ් කමිටුවේ අවධානය යොමුවෙයි. ඉදිරි දෙසතිය තුළ බුස්ටර් එන්නත ලබාදිම කඩිනම් කිරිමෙන් පසු ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අද පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ දි තිරණය කෙරිණ.

    ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව  ඊයේ (24) සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
    මෙහි දි අනාවරණය වුයේ ගම්පහ දිස්ත්‍රික්කයේ 1,452,709 දෙනෙක් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවයි. බුස්ටර් එන්නත ලබා ගෙන ඇත්තේ 422,733 ක් පමණි. ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුම පිරිසක් බුස්ටර් එන්නත ලබා ගෙන ඇත්තේ ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි බල ප්‍ර දේශයේ බව ද මෙහි දි අනාවරණය විය.

    සෞඛ්‍ය නිළධාරින්, ප්‍රා දේශිය ලේකම්වරු සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙම කොවිඩ් කමිටුවේ දි අදහස් දක්වමින් කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පොදු ස්ථාන වලට ඇතුළුවීමේ දි හා උත්සව වලට පැමිණීමේ දි එන්නත් කාඩ්පත අනිවාර්ය කළ යුතු බවයි. බූස්ටර් එන්නත සම්බන්ධයෙන් රටපුරා දුර්මත ප්‍රචාරය විම බුස්ටර් එන්නත විද ගැනීමට ජනතාව උනන්දු නොවීමට හේතුවක් බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා විපක්ෂයේ උවමනාව වී ඇත්තේ බූස්ටර් එනන්ත ජනතාව ලබා ගැනීම වැළක්වා රට තුළ නැවත කොවිඩ් පැතිර විම බව කීවේය.

    මේ වන විට පොදු ස්ථානවලට ඇතුළු වීම සදහා කොවිඩ් එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරිමට රජය කටයුතු කරමින් සිටින බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා එය කඩිනම් කිරිමට ජනාධිපතිවරාය උපදෙස් දි ඇතැයි ද කීවේය. නැවත රට වසා දැමීමට නොහැකි බවත්, ඒ නිසා කොවිඩ් බූස්ටර් එන්නත ලබාදීම කඩිනම් කිරිම කොවිඩ් වසංගතයට එකම විසදුම බවත් ඔහු පෙන්වා දුන්නේය. (25) සිට දිස්ත්‍රික්කයේ කොවිඩ් බුස්ටර් එන්නත්කරණ දෙසතියක් ප්‍රකාශයට පත් කිරිමටත්, ඒ සදහා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල මට්ටමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමටත් මෙහි දි තිරණය කෙරිණි.

    සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල, ප්‍රා දේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මෙම එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කෙරේ. දෛනිකව දස දහසකට අධික පිරිසකට එන්නත ලබාදීම ඉලක්කයයි. ඒ සදහා අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල වෙත ලබාදීමට ද ඇමතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාට මෙහිදි උපදෙස් දුන්නේය. උපාධිධාරි අභ්‍යාසලාභීන් හා රැකියා ලක්ෂය යටතේ බදවා ගත් සේවකයන් අනියුක්ත කිරිමට ද මෙහි දි තීරණය කෙරිණි.

    මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලෙස උපදෙස් ලැබි ඇති බව සෞඛ්‍ය බළධාරිහු ඇමතිවරයාට පෙන්වා දුන්හ. ගම්පහ කොවිඩ් කමිටුව තීරණය කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන බූස්ටර් එනන්ත ලබාදීම සදහා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල වල ප්‍රමුඛතාව හිමිවිය යුතු බවයි. එන්නත්කරණ වැඩසටහනේදී අවශ්‍ය ස්ථාන සදහා හමුදා වෛද්‍ය සේවා වල සහාය ලබාදිමට ද මෙහිදි තීරණය කෙරිණි. ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල පෙතව.08.00 සිට ප.ව.04.00 දක්වා බූස්ටර් එන්නත ලබාදිම සිදුකෙරේ.

    සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස මට්ටමින් එන්නත්කරණ මධ්‍යස්ථාන දෙක බැගින් ද ක්‍රියාත්මකයි. දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන හා කර්මාන්තශාලාවල සේවක සෙවිකාවන්ට ද බුස්ටර් එන්නත ලබාදිමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට ද මෙහි දි තීරණය කෙරිණි.

    මෙම රැස්වීම සදහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක, දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් , ප්‍රා දේශීය ලේකම්වරු, දිස්ත්‍රික්කයේ ප්‍රා දේශීය සභා නගර සභා සභාපතිවරු, සෞඛ්‍ය බළධාරිහු සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya